මාර්කෝ පෝලෝගේ (MARCO POLO) සටහන
දේශ ගවේෂකයෙකු වූ මාර්කෝ පෝලෝ (MARCO POLO) විසින් ක්රිස්තු වර්ෂ 1272 - 1295 අතර කාලයේදී කළ සංචාර අළලා වර්ෂ 1845 දී හ්‍යු මුරේ (HUGH
MURRAY) විසින් රචිත ‘THE TRAVELS OF MARCO
POLO’ නැමැති
කෘතියේ 290 වන පිටුවේ
‘Origin
of the Boodhist Religion in Seilan’ නැමැති පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.
මෙහි සඳහන් වන්නේ ආදම්ගේ කන්ද හෙවත් සමනොළ කඳු මුදුනේ පිහිටුවා ඇති සිහිවටනය ආදම්ගේ බවට අරාබි ජාතිකයින් විසින් පැවසුවද මෙම දුපත් වාසීන් එය Sergamon Borcam ගේ බවට පැවසූ බවයි. මෙහි Sergamon Borcam ලෙස කතුවරයාගේ උච්චාරණය අනුව දක්වා ඇත්තේ ගෝතම බුදුන් බව පාද සටහනක් මගින් දක්වා ඇත.
මෙම සඳහනට අනුව පුරාණ ග්‍රී ලංකා වාසීන් වන්දනාමාන කොට ඇත්තේ බුද්ධ නම් වූ මෙම දිවයිනේම වාසය කර ඇති චරිතයකට බව කියැවේ. එතුමන් උදාර සමෘද්ධිමත් බලවත් රජකෙනෙකුගේ පුත්‍රයෙක්ව සිටි බවද රජකම හා සුඛෝපභෝගී ජීවිතය ප්‍රතික්ශේප කොට ඇති බවද දැක්වේ. තවද ගිහිගෙය ගැන කළකිරුණු මෙම කුමරා රජ සැප හැරදමා ගොස් ධාර්මික ජීවිතයක් ගත කළ බවට වූ දීර්ඝ විස්තරයක් දැක්වේ.
මෙම පරිච්ඡේදයේ දීර්ඝ ලෙස සඳහන් කර ඇති කරුණු අනුව මෙම
සටහන සිදත කුමරුන් සම්බන්ධව යොදා ඇති බව පැහැදිලි වන අතර, මෙහි වඩාත් වැදගත් කාරණාව වන්නේ ගෝතම බුදුන් වහන්සේ මෙරට වාසය කළ බව මාර්කෝ පෝලෝ (MARCO
POLO) විසින් යොදා ඇති මෙම
සටහනින් සනාථ වීමයි.
ජොආඕ රිබෙයිරෝගේ (JOAO REBEIRO) සටහන
පෘතුගීසි පාලන සමයේදී, අවුරුදු 18 ක පමණ කාලයක් ලංකාවේ රාජකාරි කටයුතුවල නියැලුණු යුද හමුදා කපිතාන්වරයකු වූ ජොආඕ රිබෙයිරෝ (JOAO REBEIRO) විසින්, තම සේවා කාලය අවසන් කොට මව් රටට පැමිණ, වර්ෂ 1685 දී රචිත ‘THE HISTORICAL TRAGEDY OF THE
ISLAND OF CEILAO’ නැමැති
කෘතියේ
14 වන පරිච්ඡේදයේ, හෙළයන්ගේ දේව ඇදහිලි සම්බන්ධව මෙලෙස සටහනක් තබා ඇත.
“…….ඔවුන්ට නානප්රකාර රූප ඇත. නමුත් ඒ සියල්ලන්ටම වඩා ගෞරවයෙන් පුදන බොදු නම් වූ කෙනෙක්
ඇත. ඔහුට මනුෂ්යයෙක් හා සමාන රූපයක් ඇත, සුවිශේෂී වූ ශුද්ධවන්ත කම පිළිඹිබු කිරීමට ඔහුව විශාල කොට පෙන්වා ඇත. කොවාදො හයක් උස රූපයක් එක්තරා පන්සලකදී මා දැක තිබුණි. මිනිසුන් පවසන පරිදි, ගුණවත් දෙවි කෙනෙකු වූ, ඔහු මෙම දිවයිනෙහි ධාර්මික ජීවිතයක් ගත කොට ඇත. අවුරුදු නමින් හඳුන්වන ඔවුන්ගේ වර්ෂයන් මිනිසුන් ගණන් තබන්නේ ඔහු වාසය කළ කාලයේ සිටයි.”
කර්තෘ සටහන්
කොවාදො (covado) 01 = අඟල් 30.
ඒ අනුව පැහැදිලි වන්නේ බොදු නමින් හඳුන්වන සුවිශේෂී දෙවියන් ලෙස මෙහි දක්වා ඇත්තේ බුදුන් වහන්සේ බවයි. එමෙන්ම බුදුන් වහන්සේ මෙම දිවයිනෙහි ජීවත් වූ බව ද ජොආඕ රිබෙයිරෝ (JOAO REBEIRO) විසින් මෙම ග්රන්ථය රචනා කළ කාල වකවානුවේ මෙරට වැසියන් අවුරුදු ගණනය කිරීම් සිදු කර ඇත්තේ බුද්ධ වර්ෂයෙන් බව ද තහවුරු වෙයි.
කර්තෘ සටහන්
ඉන්දියාව තුල බුද්ධ වර්ෂයෙන් අවුරුදු ගණනය සිදු කොට ඇති බවට කිසිදු පිළිගත
හැකි සාක්ෂියක් ලැබී නොමැති නමුත් මෙරට රජවරු අවුරුදු ගණනය කොට ඇත්තේ
බුද්ධවර්ෂයෙන් බවට වූ ශිලා ලේඛන සාක්ෂි පවා පවතී.
වර්ෂ 1912 - 1927 අතර කාලයේදී දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 36 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති
POLONNARUVA : SLAB-INSCRIPTION OF SAHASA-MALLA ලෙස නම් කළ පුවරු ලිපියේ සාහසමල්ල රජතුමා ඔටුනු පැළඳු දිනය සටහන් කොට ඇත්තේ
බුද්ධ වර්ෂයෙනි.
වර්ෂ 1912 - 1927 අතර කාලයේදී දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි සිව්වන කාණ්ඩයේ 04 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති
THE KANDY NATHA DEVALE INSCRIPTIONS ලෙස නම් කළ පුවරු ලිපියේ කාල වකවානුව සටහන් කොට ඇත්තේ බුද්ධ වර්ෂයෙනි. මෙම
සෙල්ලිපිය පිහිටුවා ඇත්තේ පෘතුගීසි පාලන කාලය තුළදී ය.
ඩෙලා ලොව්බියර්ගේ (DELA LOVBERE) සටහන
වර්ෂ 1687ත් 1688 ත් අතර කාලය තුලදී ප්‍රංශයේ රජුගේ රාජදූතයෙකු ලෙස සියම් දේශයේ රජු වෙත දූත මෙහෙවරක යෙදුනු ඩෙලා ලොව්බියර් (DELA LOVBERE) විසින් රචනා කරන ලද ‘A NEW HISTORICAL RELATION OF THE KINGDOM OF SIAM’ නැමැති කෘතියේ 136 වන පිටුවේ සඳහන් වන්නේ ගෝතම ශ්‍රමණගේ පියා ප්‍රසිද්ධ සිලෝන් නම් රටෙහි රජු බවය.
ඒ අනුව හැඟීයන්නේ ගෝතම බුදුන් වහන්සේ වාසය කොට ඇත්තේ
පුරාණ ශ්‍රී ලංකා භූමියේ බවයි.
ෆිලලෙතීස්ගේ සටහන
වර්ෂ 1817 දී ෆිලලෙතීස් නම් කතුවරයා විසින් එංගලන්තයේදී එළිදක්වන ලද THE HISTORY OF CEYLON from the earliest period to the 1815 නැමැති ග්‍රන්ථයේ තිස් වැනි පරිච්ඡේදයේ 193 වන පිටුවේ මෙසේ සඳහන් කොට ඇත.
මෙහි දැක්වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතට වසර 623 කට පෙර මෙම දිවයිනේ බුදුන් වහන්සේ සිටි බවයි.
එම ග්‍රන්ථයේම 194 වන පිටුවේ සඳහන් වන්නේ සුද්ධෝදන රජතුමා නුවර දේශයේ (CANDY) අධිරාජයා (EMPEROR) බවයි.
මෙහි Candy ලෙස දක්වා ඇත්තේ මහනුවර ප්‍රදේශය බව එම ග්‍රන්ථයේ පිටු
අංක 222 හි සඳහන් මහනුවර ඓතිහාසික දළදා පෙරහර සම්බන්ධ සටහනෙන් සනාථ වේ.
ඒ අනුව සිදත කුමරු වාසය කොට ඇත්තේ වර්තමානයේ උඩරට ලෙස හඳුන්වන ප්‍රදේශය තුළ බව සහතික වේ.
එම ග්‍රන්ථයේම 198 වන පිටුවෙහි සඳහන් වන්නේ බුදුන් වහන්සේ සැමවිටම කහ පැහැති වස්ත්‍රයක් දරා සිටි බවත් වැඩි කාලයක් කඳුකර ප්‍රදේශයේ ගත කළ බවත් සිංහලයින් විසින් පැවසූ බවයි.
මේ සඳහන්වලට අනුව වැටහෙන්නේ බුදුන් වහන්සේ මෙරට වාසය කළ බවත් මෙහිදීම පිරිණිවන් පෑ බවත් යටත් විජිත යුගයේ මෙරට වාසය කළ ජනතාව දැන සිටි බවයි.
එඩ්වඩ් අප්හැම්ගේ (EDWARD UPHAM) සටහන
වර්ෂ 1829 දී එඩ්වඩ් අප්හැම් (EDWARD
UPHAM) විසින් රචිත THE HISTORY AND DOCTRINE OF BUDHISM නැමැති ග්‍රන්ථයේ හැඳින්වීම (INTRODUCTION) කොටසෙහි
පිටු අංක 1 හි මෙසේ සඳහන් වේ.
එහි සඳහන් වන්නේ ගෝතම බුදුන් වහන්සේ ඉපදීම සඳහා මෙරට
තෝරාගත් බවයි. එම කොටසෙහිම පිටු අංක හි මෙසේ සඳහන් වේ.
එහි සඳහන් වන්නේ ගෝතම බුදුන්ගේ ක්‍රියාකාරකම් සහ පැවැත්ම
මෙරට සිදුවූ බවය. ඒ අනුව ගෝතම බුදුන් වහන්සේ වාසය කොට ඇත්තේ මෙරට බව වටහා ගත
හැකිය.
තෝමස් එවින්ග් ගේ (THOMAS EWING) සටහන
බ්‍රිතාන්‍ය ශිෂ්‍යයන් සඳහා වර්ෂ 1848 දී තෝමස් එවින්ග් (THOMAS
EWING) විසින් රචනා කරන ලද A SYSTEM OF GEOGRAPHY නැමැති ග්රන්ථයේ 172 වන පිටුවේ ISLAND
OF CEYLON නැමැති කොටසට අදාලව මෙසේ සඳහන් වේ.
එහි කියැවෙන්නේ මෙරට පැවති ආගම වශයෙන් සැලකු බුද්ධාගම මූලාරම්භ
වී ඇත්තේ මෙරට තුළම දී බවය. එයින් වක්‍රාකාරව කියැවෙන්නේ ගෝතම බුදුන් වහන්සේ වාසය
කර ඇත්තේ මෙරට බවයි.
සර් ජේම්ස් එමර්සන් ටෙන්නෙන්ට්ගේ (SIR JAMES EMERSON TENNENT) සටහන
වර්ෂ 1860 දී සර් ජේම්ස් එමර්සන් ටෙන්නෙන්ට් (SIR JAMES EMERSON TENNENT) විසින් රචිත CEYLON- AN ACCOUNT OF THE ISLAND නැමැති කෘතියේ 627 වන පිටුවේ මෙසේ සඳහන් කොට ඇත.
එහි සඳහන් වන්නේ සෙයිලාන් නම් දුපතෙහි වැසියන් සියලු දෙනා බෞද්ධ බවත් බුදුන් වහන්සේ මෙම දූපතෙහි ඉපදුන බවත් ය.
ඒ අනුව පැහැදිලි වන්නේ ගෝතම බුදුන් වහන්සේ මෙම දුපතෙහි
වැඩ වාසය කොට ඇති බවයි.
විලියම් ස්කේන්ගේ (WILLIAM SKEEN) සටහන
වර්ෂ 1870 දී විලියම් ස්කේන් (WILLIAM
SKEEN) විසින් රචිත ADAM'S PEAK නැමැති ග්‍රන්ථයේ
55 සහ 56 වන පිටුවල මෙසේ සඳහන් කොට ඇත.
එහි සඳහන් වන්නේ මෙරට වැසියන් විසින් ගෝතම බුදුන් වහන්සේව ශුද්ධවන්තයෙක් ලෙස සලකා ගෞරව කල බවත් එතුමන් මෙම දුපතෙහි රජ කෙනෙකුගේ පුතෙක් බවට ජනතාව ස්ථිර ලෙස ප්‍රකාශ කළ බවයි.
ඒ අනුව පැහැදිලි වන්නේ ගෝතම බුදුන් වහන්සේ මෙම දුපතෙහි
වැඩ වාසය කොට ඇති බවයි.
ඒලීන් වෑන් ඩෝර්ට්ගේ (ALINE VAN DORT) සටහන
වර්ෂ 1900 දී ඒලීන් වෑන් ඩෝර්ට් (ALINE VAN DORT) විසින් කුඩා ළමුන්
සඳහා රචනා කොට ඇති LEGENDS OF CEYLON IN FAIRY TAILS නැමැති කෘතියේ The prince of Lanka නැමැති සුරංගනා කථාවේ ලංකාවේ රාජකුමාරයාගේ (PRINCE OF LANKA) කථාව ලෙස සඳහන් කොට
ඇත්තේ සිදත කුමරුන්ගේ ළමාවිය සම්භන්ධව බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් කථා ප්‍රවෘත්තියමය.
මෙහි කුඩා කොටසක් පමණක් ඇතුලත් කොට ඇති නමුත් පිටු 7ක් පුරාවට ලියැවී ඇති මෙම සුරංගනා කථාවේ අන්තර්ගත වී ඇත්තේ
සිදත කුමාරෝප්පත්තියෙහි සිට බුදුවීමෙන් පසු නැවත කිඹුල්වත්පුරයට වැඩම කිරීම දක්වා
වූ කථා පුවතය.
මෙහි සිදත කුමරාව ලංකාවේ රජකුමරා යැයි නම් කිරීමෙන්
හැඟීයන්නේ සිදත උපත සිදුවී ඇත්තේ පුරාණ ශ්‍රී ලංකා භූමියේම වන බවයි.
ජපන් ලෝක සිතියම
වර්ෂ 1924 දී තෙවන මුදුණය සිදු කොට ඇති (මෙහි පළමු මුදුණය වර්ෂ 1912 දී සිදු කළ බව කියැවේ) ජපානයේ දී ඇඳ ඇති ලෝක සිතියම දැක්වෙන චිත්‍රයක ලෝකයේ එක් එක් රටට ඇති විශේෂත්වයන් රූප වලින් සහ ජපන් අකුරින් දක්වා ඇත. මෙරටට අදාලව බුද්ධ ප්‍රතිමාවක් දක්වා ඇති අතර ඒ සම්බන්ධව ජපන් අකුරුවලින් පවසා ඇති දේ පහත දක්වා ඇත.
ブッダが示された天上天下唯我独尊という言葉を残した、釈尊様が生まれたセイロン島。
එහි අදහස පහත පරිදි වේ;
"ශාක්‍යමුණි
බුදුන් වහන්සේ ඉපදුණු දිවයින සිලෝන් වන අතර,
ඔහු මම "දෙව් ලොවටත්, පොලෝ තලයටත් අග්‍ර බව ප්‍රකාශ කළේ එහිදීය."
No comments:
Post a Comment