අතීතයේ මෙරට පැවති සොලොස් මහා ජනපද II කොටස

අපි පසුගිය වැඩසටහනෙන් කතා කළා සොළොස් මහා ජනපදවලට අයත්වෙලා තිබුණු ප්‍රදේශ හතරක් සම්බන්ධව. අද අපි මුලින්ම කතා කරන්නේ අස්සක ජනපදය සම්බන්ධව. පුරාණයේ අස්සපුර, අස්සක මණ්ඩලය, අස්සක දේශය ලෙස විවිධ නම්වලින් මෙම ජනපදය හඳුන්වලා තියෙනවා. වර්තමාන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවාවිල කියන ප්‍රදේශය ආවරණය කරපු කලාපයක මෙම ජනපදය පිහිටා තිබූ බව අප මුලින්ම සොයාගත්තා.


අස්ස මණ්ඩලය සම්බන්ධව වර්ෂ එක්දාස් නවසිය හැට තුනේ දී නිකුත් කරපු රාජකීය ආසියාතික සංගමයේ ලංකාවට අදාළ සඟරාවේ, ඒක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා Journal of the Ceylon Branch of the Royal Asiatic Society කියලා. එම සඟරාවේ C.W. Nicholas මහත්මයා විසින් පළකලපු වාර්තාවක් තියෙනවා Historical Topography of Ancient and Medieval Ceylon කියන නමින්. එම වාර්තාවේ තිස් අටවන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙලා තියෙනවා.

ඒ අනුව අපිට පැහැදිලි වෙනවා වර්තමානයේ සේරුවාවිල විහාරය ලෙස හඳුන්වනු ලබන විල්ගම්වෙහෙර පිහිටා තියෙන්නෙ මේ අශ්වක දේශයේ බව.


බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරන ලද බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ මෙන්න මේ වගේ දැක්වෙනවා.

ඒ අනුව වැටහෙනවා පොළොන්නරු ප්‍රදේශයේදී මහවැලි ගඟින් වටවූ කාලිංග දූපත ලෙස වර්තමානයේ හඳුන්වන ඒ දවස්වල කාලිංග දේශය කියලා හඳුන්වපු ප්‍රදේශයද අයත් වෙලා තිබිලා තියෙන මේ අශ්වක ජනපදයට කියන කාරණය. අශ්වක ජනපදය හෙවත් අස්සපුර කියලා කියන්නේ අංග ජනපදයටත් කාලයකදී අයත්වෙලා තිබුණු නියංගමක් බව බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා. 

අංග ජනපදයට අයත් වීමට නම් අශ්වක ජනපදය පිහිටලා තිබිය යුත්තේ අංග ජනපදයට යාබදව. අශ්වක ජනපදය හා අංග ජනපදය පිහිටා ඇත්තේ එකිනෙකට යාබදව බව අපේ ගවේෂණය ඔස්සේ අපි තහවුරු කරගත්තා.


ඒ අනුව අශ්වක ජනපදයේ පිහිටීම නිවැරදි බව තහවුරු වෙනවා.

ඊළඟට අපි වජ්ජි ජනපදය සම්බන්ධව බලමු.

වජ්ජි ජනපදය ගෝත්‍ර අටක ක්ෂත්‍රීය කුලයේ රජවරුන්ගෙන් සැදුම්ලත් සමූහ ආණ්ඩුවකින් පාලනය වුණා කියන දේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ ඒ බව මෙන්න මේ විදිහට දැක්වෙනවා.


ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ චූලගෝපාලක සූත්‍රයේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.

සිංහල පරිවර්තනය :

1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑරට ගඞ්ගා හෝතෙර උක්කවෙලා නම් නුවර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: 

එහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය කොටස් පමණක් මම ඔබට උපුටා අරගෙන කියන්නම්, වැදෑරට ගංගා හෝතෙර උක්කවෙලා නම් නුවර. මෙහි වැදෑරට ලෙස දක්වල තියෙන්නේ වජ්ජි රටට. ඒ අනුව පැහැදිලි වෙනවා මේ වජ්ජි ජනපදය උක්කවලා නම් ග්‍රාමය අසල පිහිටා තිබුණු බවත්, එම ග්‍රාමය ගංගා නම් ගංතෙර සමීපයේ පිහිටා තිබූ බවත්. මෙහි ගංගානම් ගඟ ලෙස දක්වලා තියෙන්නේ වර්තමානයේදී මහවැලි ගඟ ලෙස හඳුන්වන ගංගාව. උක්කවෙලා කියලා කියන්නේ උකුවෙල ජනපදයට.



ඒ අනුව ඔබට පේනවා ඇති මේ කළු පැහැති රේඛාවෙන් දක්වලා තියෙන මහවැලි ගඟ, සුදු පැහැති රවුමෙන් දක්වලා තියෙන උකුවෙල ජනපදය ආසන්නයෙන් ගමන් කරන බව. ඒ අනුව වජ්ජි ජනපදය පිහිටලා තිබුණේ මාතලේ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති වර්තමානයේදී උකුවෙල ලෙස හඳුන්වන ප්‍රදේශයට යාබදව බව මූලිකවම අපිට අනුමාන කරන්න පුළුවන්. මෙම උකුවෙල ජනපදයට වැඩිය ගොතම බුදුන් වහන්සේ තමන් වහන්සේ සමඟ වැඩසිටි අනෙකුත් භික්ෂූන් වහන්සේලා අරභයා බුදුන් වහන්සේ වැඩසිටි එම ගංතෙරට අදාළව සිද්ධවුණු සිදුවීමක් උපමා කරලා ධර්ම දේශනාවක් කරලා තියෙනවා. ඒ සම්බන්ධව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ චූලගෝපාලක සූත්‍රයේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා. 

සිංහල පරිවර්තනය :

2. මහණෙනි, පෙර වූවෙකි: මගධරට වැසි දුෂ්ප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්‍ෂා ඍතුවෙහි පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙතෙර නො සලකා එ තෙර නො සලකා නුසුදුසු තොටින් විදෙහයන් සතු උතුරු තෙරට ගවයන් තැරැවී. මහණෙනි, එකල්හි ගවයෝ ගඞ්ගානදිය මැද සළාවැටුමෙක මැඬිලි කොට එහි ම අවැඩවනසට පත්වූහ. (මුහුදට වන්හ.) ඒ කවර හෙයින යත්: මහණෙනි, නුනුවණ පියවි ඇති ගොපල්ලා වසන් පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර නො සලකා එ තෙර නො සලකා විදේහයන් සතු උතුරුඉවුරට නුසුදුසු තොටින් ගවයන් තැරැවී. (එහෙයිනි.) 

මෙහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය තැන් මම උපුටා අරගෙන ඔබට සඳහන් කරන්නම්. මගධරට වැසි ගොපල්ලෙක්. මෙම දේශනාවට අනුව මගධ ජනපදයේ වාසය කරපු ගොපල්ලෙක්, මෙම ගංගානම් ගඟෙන් තමන් සතු ගවයෙන් එතකොට ඇති බව දැක්වෙනවා. එහෙනම් වජ්ජි ජනපදය පිහිටා තිබිය යුත්තේ මගධ රාජ්‍යය සමීපයේම කියන කාරණයත් එතනින් වැටහෙනවා. මොකද මගධ ජනපදයේ ගොපල්ලෙක් තමයි ඒ ගංගානම් ගඟෙන් තමන් සතු ගවයින් එතර කරන්නේ. මගධ රාජධානිය පිහිටලා තිබිලා තියෙන්නේ වර්තමාන දඹුල්ල සහ නාලන්දා තෙක් වුණු ප්‍රදේශයක බව දැනටමත් අපේ ගවේෂණය ඔස්සේ අපි තහවුරු කරගෙන ඉවරයි. උකුවෙල කියලා කියන්නේ නාලන්දා ප්‍රදේශයට යාබදව මාතලේ දිස්ත්‍රික්කය තුළම පිහිටලා තියෙන ගම්මානයක්. ඒ අනුව වජ්ජි ජනපදය පිහිටිලා තිබිලා තියෙන්නෙ මේ උකුවෙල කියන ග්‍රාමයට යාබදව බව අපිට වැටහෙනවා. 



ඒත් එක්කම ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරපු බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ වජ්ජි ජනපදයට අදාළ විශේෂ කාරණයක් ලෙස මෙන්න මේක සඳහන් කරලා තියෙනවා. 

මෙහි සඳහන් කරලා තියෙන ආකාරයට මේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මගධ රාජ්‍යය පාලනය කරපු අජාසත්ත රජතුමා විසින් වජ්ජි ජනපදය යටත් කරගෙන තියෙනවා. එහෙනම් වජ්ජි ජනපදය මගධ රාජ්‍යය ආසන්නයේම පිහිටා තිබිය යුතුයි කියන කාරණය ඒ අනුව අපට වඩා හොඳින් පැහැදිලි වෙනවා. ඒ අනුවත් අපේ ගවේෂණ ප්‍රතිඵල නිවැරදි බව අපිට වටහා ගන්න පුළුවන්. 

ත්‍රිපිටකයේ චූලගෝපාලක සූත්‍ර වර්ණනාවේ මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා.

සිංහල පරිවර්තනය :

මාගධකො මගධරට වැසි, දුප්පඤ්ඤ ජාතිකො නුවණ නැති, අන්‍ධ වූ, මහද් ජඩ වූ ස්වභාව ඇති, අසමපෙක්ඛිත්‍වා නොසලකා නොවිමසා, පතාරෙසි එතෙර කරවන්ට පටන් ගත්තේය. උත්තර තීරං සුචිදෙහානං ගංගාවෙන් මෙතෙර මගධ රටය. එතෙර විදේහ රටය. ගවයන් මගධ රටින් විදේහ රටට පමුණුවා රක්නෙමියි උතුරු තෙරට (තරණය) එගොඩ කරන්නට පටන් ගත්තේය. ඒ සඳහා උත්තරං තීරං සුවි දෙහානං යන්න වදාරන ලදී. 

එහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය තැන් මං උපුටා අරගෙන ඔබට සඳහන් කරන්නම්. ගංගාවෙන් මෙතර මගධ රටය, එතර විදේහ රටය, ගවයින් මගධ රටින් විදේහ රටට පමුණුවා රක්නෙමියි උතුරු තෙරට එගොඩ කරන්නට පටන් ගත්තේය. ඒ අනුව අපට හොඳින්ම වැටහෙනවා උකුවෙල ආසන්නයේ පිහිටලා තියෙන මේ මහවැලි ගඟේ අනිත් ඉවුරේ තමයි වජ්ජි ජනපදය පිහිටලා තිබිලා තියෙන්නේ කියන කාරණය. ඒ අනුව තිරයේ දැක්වෙන සිතියමේ සලකුණු කරලා තියෙන ආකාරයට වජ්ජි ජනපදයේ පිහිටීම අපට දක්වන්න පුළුවන්.



ඊළඟට අපි බලමු මල්ල ජනපදය සම්බන්ධව.

බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරපු බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ මෙන්න මේ ආකාරයට දැක්වෙනවා. 


ඒ අනුව වජ්ජි ජනපදය ලෙස හඳුනාගත් ප්‍රදේශයට ආසන්නව උතුරු දිශාවෙන් මෙම ජනපදය පිහිටා තිබිය යුතු බව අපට වැටහෙනවා. මේ පිළිබඳව තවදුරටත් අපි ගවේෂණ කටයුතු සිදුකළ යුතුයි. මොකද තවමත් අපිට නිවැරදිව මල්ල ජනපදය පිහිටා තිබුණු සීමාවල් සලකුණු කරගන්න අවස්ථාවක් හම්බවුණේ නැහැ. නමුත් ඉන්දියාවේ පිහිටා තියෙනවා කියලා කියන සොළොස් මහා ජනපද ලෙස සලකුණු කරපු ස්ථාන පරීක්ෂා කිරීමේදී අපට වැටහී ගියේ, වජ්ජි ජනපදය සලකුණු කරලා තියෙන්නේ මල්ල ජනපදයට දකුණු දිශාවෙන් නෙමෙයි නැගෙනහිර දිශාවෙන් කියලා. 


ඒ අනුව ඉන්දියාවේ සොළොස් මහා ජනපද ලෙස සලකුණු කරපු සිතියම දෝෂ සහිත බව නැවත වාරයක් අපට වැටහී ගියා.

අපි ඊළඟට චේති ජනපදය සම්බන්ධව හොයාගත්ත කාරණා විමසා බලමු. 

ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරපු බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ මෙන්න මේ වගේ දැක්වෙනවා.



මෙහි සඳහන් පරිදි චේති රට පිහිටා තිබිය යුත්තේ කුරු රටට සමීපයෙහි කොසොල් රටට බටහිර දිශාවෙන්. ඒ අනුව වර්තමාන වයඹ පළාත තුළ පිහිටා තිබිය හැකි බවට අපිට අනුමානයක් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව තවදුරටත් අපි ගවේෂණ කටයුතු සිදුකළ යුතුයි. 

ඒත් එක්කම ඉන්දියාවේ පිහිටි සොළොස් මහා ජනපද ලෙස සලකුණු කර ඇති ස්ථාන අපි පරීක්ෂා කිරීමේදී වැටහී ගියේ, චේති රට කුරු රටට දකුණු දිග පිහිටි ජනපද ගණනාවකට පස්සේ සැලකුණු කරලා තියෙනවා කියන කාරණය. එමෙන්ම කොසොල් රටට සාපේක්ෂව සලකුණු කරලා තියෙන්නේ නිරිත දිශාවෙන්. 


ඒ අනුව අපට වැටහෙනවා මේ ඉන්දියාවේ සොළොස් මහා ජනපද ලෙස සලකුණු කරලා සිතියම දෝෂ සහිත බව.

ඊළඟට අපි වත්ස ජනපදය සම්බන්ධව බලමු. 

ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරපු බුද්ධ චරිතය නැමැති ග්‍රන්ථයේ මෙන්න මේ ආකාරයට දැක්වෙනවා.


ඒ අනුව අපිට තේරෙනවා මේ ජනපදය වංශ ජනපදය ලෙසද හඳුන්වලා තියෙනවා කියන කාරණය. මෙම ග්‍රන්ථයේ සඳහන් අන්දමට වත්ස කියන ජනපදය පිහිටා තිබී ඇත්තේ අවන්ති රටට උතුරෙන් වුණත් ඉන්දියාවේ පිහිටි සොළොස් මහා ජනපද ලෙස සලකුණු කරපු ස්ථාන පරීක්ෂා කිරීමේදී අපට වැටහී ගියේ වත්ස ජනපදය ලකුණු කරලා තියෙන්නේ අවන්ති රටේ ඉඳලා නැගෙනහිරට බර වූ දිශාවකින් බව.



ඒ අනුව නැවත වාරයක් අපට වැටහෙනවා මේ ඉන්දියාවේ සොළොස් මහා ජනපද ලෙස සලකුණු කරපු සිතියම දෝෂ සහිත බව. 

මේ වත්ස කියන ජනපදයේ අගනුවර ලෙස සඳහන් වෙන්නේ කෝසම්බි, එහෙම නැත්තන් කොසඹෑ නුවර. කොසඹෑ නුවර සම්බන්ධව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ සිංසපා සූත්‍රයේ මෙන්න මේ වගේ සඳහනක් තියෙනවා.

සිංහල පරිවර්තනය :

3873. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහයි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.

එහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය තැන් පමණක් උපුටා අරගෙන මම ඔබට සඳහන් කරන්නම්. කොසඹෑනුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි. කොසඹෑනුවර සමීපයෙහි පිහිටි ඇට්ටේරිය වනය පිහිටලා තිබිලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ග්‍රාමයේ අරම්පල කියන ප්‍රදේශයේ පිහිටා ඇති මකුලාන රජමහා විහාරය ලෙස හඳුන්වන ස්ථානයට යාබදව බව මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙන කඳුලොව වනරතන හිමියන් ප්‍රකාශ කරලා තියෙනවාඑම තොරතුරු සමාජගත කිරීම සම්බන්ධව කඳුලොව වනරතන හිමියන්ට සහ යථාර්ථ යූටියුබ් නාලිකාවටත් මේ අවස්ථාවේදී මගේ ස්තූතිය පුද කරන්න ඕනෙ. බුදුන් දවස තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට දුන් කේශධාතු තැන්පත් කරලා මේ මකුලාන රජමහා විහාරය සාදා ඇති බවත්, බුදුන් වහන්සේගේ හයවන වස් කාලයේදී මාස තුනක් මකුල පර්වතයේ වැඩවසමින් දහම් දෙසා ඇති බවත්, එම අවස්ථාවේදී මෙම සූත්‍ර දේශනාව සිදුකොට ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කාරණයම බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරපු බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයෙත් මෙන්න මේ වගේ දක්වලා තියෙනවා.



වයඹ පළාතේ වෘක්ෂය ලෙස ඇටේරියා ගහ තෝරාගෙන තිබෙන්නේ එම ප්‍රදේශයේ ඇටේරියා ව්‍යාප්තිය අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා නිසා බවත්, එම පළාතෙනුත් මේ මකුලාන රජමහා විහාරය පිහිටලා තියෙන ප්‍රදේශයේ ඇටේරියා බහුලව පවතින බවත් කඳුලොව වනරතන හිමියන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පිළිබඳව තවදුරටත් අපි ගවේෂණ කටයුතු සිද්ධ කළ යුතුයි.

ඊළඟට අපි කුරු ජනපදය වෙත යොමුවෙමු.

ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරපු බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ කුරු රට ගැන මේ වගේ සඳහනක් කරලා තියෙනවා.


ඒ අනුව කුරු රටට නැගෙනහිර දිශාවෙන් පංචාල ජනපදයත්, දකුණු දිශාවෙන් මාස්‍ය ජනපදයත් පිහිටා තිබූ බව අපට අවබෝධ කරගන්න පුළුවන්. මේ පිළිබඳවත් අප වැඩිදුර ගවේෂණ කටයුතු සිද්ධ කළ යුතුයි

නමුත් ඉන්දියාවේ පිහිටි සොළොස් මහා ජනපද ලෙස සලකුණු කර ඇති ස්ථාන පරීක්ෂා කිරීමේදී වැටහුණේ කුරු රටෙහි සීමාව විදිහට එරට දකුණින් සලකුණු කරලා තියෙන්නේ සූරසේන ජනපදය බව. 



ඒ අනුව නැවත වාරයක් අපිට තහවුරු වෙනවා මේ ඉන්දියාවේ සොළොස් මහා ජනපද ලෙස සලකුණු කර ඇති සිතියම දෝෂ සහිතයි කියන කාරණය.

අපි පංචාල ජනපදයට ඊටපස්සෙ යොමුවෙමු. 

ආනන්ද මෛත්‍රී හිමියන්ගේ බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ පංචාල දේශය සම්බන්ධව මෙන්න මේ වගේ සඳහනක් කරලා තියෙනවා. 


ඒ අනුව අපට වැටහෙනවා පංචාල දේශය පිහිටා තිබී ඇත්තේ කුරු ජනපදයට නැගෙනහිර දිශාවෙන් කියන කාරණය. ඒ පිළිබඳවත් අපි වැඩිදුර ගවේෂණ කටයුතු සිද්ධ කළ යුතුයි.

මත්ස්‍ය ජනපදය සම්බන්ධව ගවේෂණයකට ප්‍රමාණවත් සාධක අපට මේ දක්වා හම්බවුණේ නැහැ. මත්ස්‍ය ජනපදය සම්බන්ධවත් අපි වැඩිදුර ගවේෂණ කටයුතු සිද්ධ කළ යුතුයි.

ඊට පස්සේ අපි සූරසේන ජනපදය වෙත යොමුවෙමු.

ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරපු බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ මෙන් මේ වගේ සඳහනක් තියෙනවා.


කඳුලොව වනරත්න හිමියන් ප්‍රකාශ කරන ආකාරයට මේ මධුරාපුරය කියන ස්ථානය වර්තමානයේදී හඳුන්වන්නේ මධුරාගොඩ කියන නමින්. මේ පිළිබඳව තවදුරටත් අපි ගවේෂණ කටයුතු සිද්ධ කළ යුතුයි.

අවන්ති ජනපදය සම්බන්ධවත් අපට ප්‍රමාණවත් සාධක හොයාගන්න මේ දක්වා හම්බ වුණේ නැහැ. එනිසා ඒ ජනපදය සම්බන්ධවත් තවදුරටත් අපි ගවේෂණ කටයුතු සිද්ධ කළ යුතුයි.

ගන්ධාර ජනපදය සම්බන්ධව ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරපු බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ මෙන්න මේ වගේ සඳහනක් තියෙනවා. 



ඒ අනුව අපට වැටහෙනවා මෙම ජනපදය උතුරු දිශාවෙන් පිහිටිලා තියෙනවා කියන කාරණයත්. එහි තපස්සු සහ බල්ලික යන දෙදෙනා සර්වඥ ජාතූන් නිදන් කොට චෛත්‍යයක් සාදා ඇති බවත්. ඒ අනුව මෙම සටහනින් කියවෙන්නේ තිරියාය ත්‍රිකුණාමල ප්‍රදේශය බව අපට වටහා ගන්න පුළුවන්. 



ඉන්දියාවේ පිහිටා. තියෙනවා කියන සොළොස් මහා ජනපද ලෙස සලකුණු කර ඇති ස්ථාන පරීක්ෂා කිරීමේදී අපට වැටහී ගියේ ගාන්ධාර දේශය ලෙස සලකුණු කර ඇති එම ප්‍රදේශයෙන් තපස්සු බල්ලික වෙළඳුන් විසින් ඉදිකළ චෛත්‍යයක් තවම හමුවී නොමැති බව. 


ඒ අනුව ඉන්දියාවේ සොළොස් මහා ජනපද ලෙස සලකුණු කළ සිතියම
දෝෂ සහිත බව නැවත නැවත අපට තහවුරු වෙනවා.

අවසාන වශයෙන් අපි බලමු කාම්බෝජ ජනපදය සම්බන්ධව.

ආනන්ද මෛත්‍රී හිමියන්ගේ බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ මෙන්න මේ වගේ සඳහනක් තියෙනවා.



ඒ අනුව කාම්බෝජ ජනපදය උතුරු ප්‍රදේශයේ වයඹ දිශාවේ පිහිටා ඇති බවත්, මෙම ජනපදය අශ්ව වෙළඳාමට ජනප්‍රිය වී තිබූ බවත් මෙහි දක්වලා තියෙනවා. අප ගවේෂණයෙන් තහවුරු වුණා මෙම ප්‍රදේශය වර්තමාන කලා ඔයත් මල්වතු ඔයත් අතර පිහිටි මුහුද දක්වා ව්‍යාප්ත වුණු ප්‍රදේශය තුළ පිහිටා ඇති බව. එම ප්‍රදේශයේ අදටත් අශ්ව කන්ද යන අරුත ඇති කුදිරමලය යනුවෙන් හඳුන්වන ප්‍රදේශයක් දකින්න ලැබෙනවා. බොහෝ පිරිසක් පවසන්නේ මෙරටට රැගෙන එන අශ්වයින් විකිණීම සඳහා ගාල්කොට තැබූ ස්ථානය කුදිරමලේ කියන කාරණාව.


මෙම වැඩසටහන සඳහා ලබාගත්තු සියලුම මූලාශ්‍ර සහ අදාළ යූටියුබ් චැනල් සම්බන්ධ විස්තර පහත ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ අපි ඇතුළත් කරලා තියෙනවා. මේ සඳහා උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට ඒ වැඩිදුර විස්තර පරීක්ෂා කර බලා ගැනීමට අපි අවස්ථාව ලබාදීලා තියෙනවා.

අවසාන වශයෙන් අපි මේ දක්වා ලබා ගත්ත තොරතුරු ඒකරාශී කරලා සොළොස් මහා ජනපද මෙරට පැවති ආකාරය පිළිබඳව මෙන්න මේ වගේ දළ රූප සටහනකින් ඔබට දක්වන්න පුළුවන්.



No comments:

Post a Comment

නවතම ලිපි

දඹදිව පිහිටා තිබූ ප්‍රදේශය පිළිබඳ ලැබුණු පුරාවිද්‍යා සාක්ෂි

  පළමුවන සාක් ‍ ෂිය දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්...

ප්‍රචලිත ලිපි