අනවතප්ත විල හා එයින් ඇරබුණු සිවු මහා ගංගාවන් පිළිබඳ පැහැදිලි හෝඩුවාවක් මෙතෙක් ඉන්දියාවෙන් සොයාගෙන නැත.
වර්ෂ 1863 හිදී රොබට් ස්පෙන්ස් හාඩි (Robert Spence Hardy) විසින් රචනා කරන ලද THE SACRED BOOKS OF BUDDHISTS නැමැති පොතෙහි මෙසේ දැක්වේ.
ඒ අනුව ඉන්දියාවේ අනෝතප්ත විල නොමැති බවට සහතික කොට ඇති අතර අනවතප්ත විලෙන් ඇරඹුනු සිව් මහා ගංගාවන් ද ඉන්දියාවේදී හමු නොවූ බව ප්‍රත්‍යක්ෂ වේ.
----------------------------------------------------------------------------------------------------------------
මහා පරාක්‍රමබාහු රජතුමාගේ
රාජ්‍ය කාලය
තුළදී,
නෂ්ටාවශේෂ
වූ
වැව්
ප්‍රතිසංස්කරණය
කළ
බව
සඳහන්
වේ.
ඒ
වන
විට ප්‍රතිසංස්කරණය කළ
යුතු
මට්ටමක
පැවැති
අනෝතත්ත
විල
ද
එතුමා
විසින්
ප්‍රතිසංස්කරණය කරන
ලද
බව
මහාවංශයේ
79 වෙනි පරිච්ඡේදයේ 50 වන ගාථාවේ මෙසේ දැක්වේ.
සිංහල පරිවර්තනය :
“……..එම වැව උතුරට අභිමුඛව එසේ නික්ම ගියා වූ නේරංජා නම් මාතිකාවක්ද, අනෝතත්ත නම් වැවෙන් නික්ම ගියා වූ භාගිරථි නම් මාතිකාවක්ද, එයින්ම දකුණු දිගට අභිමුඛව නික්ම ගියා වූ මාතිකාවක් ද, එයින්ම දකුණු දිගට ඇති මුඛ ව නික්ම ගියා වූ ආවර්ත ගංගානම් මාතිකාවක්ද………. කර වූයේය”
තවද, 1963
වර්ෂයේ
දී
නිකුත්
කළ
රාජකීය
ආසියාතික
සංගමයේ
ලංකාවට
අදාල
සඟරාවේ
(JOURNAL OF THE CEYLON BRANCH OF THE ROYAL ASIATIC SOCIETY) පළ කළ, සී. ඩබ්ලියු. නිකලස් මහතා විසින් රචිත ‘HISTORICAL TOPOGRAPHY OF ANCIENT
AND MEDIEVAL CEYLON’ නැමැති
වාර්තාවේ
187 වන
පිටුවෙහි,
පරාක්රම සමුද්රයට සම්බන්ධ වූ ඇළ මාර්ග පිළිබඳ විස්තරයක් මෙලෙස දක්වා තිබේ.
“…….(xvi) Bhagirathi canal, which started from Anotatta vapi; (xvii) Avattaganga canal, which flowed south from Anotattavapi;”
සිංහල පරිවර්තනය :
“…….(xvi) අනෝතත්ත වාපියෙන් ඇරඹුණු භගීරථි ඇළ; (xvii) අනෝතත්ත වාපියෙන් දකුණු දෙසට වැටී තිබුණු ආවත්ත ගංගා ඇළ;”
ඒ අනුව අනෝතප්ත විල පිහිටා තිබී ඇත්තේ පුරාණ ශ්‍රී ලංකා භූමිය තුල බව හැඟී යයි.
යක්ෂ දමනය සඳහා මහියංගනයට වැඩීමට ප්රථමයෙන් බුදුරදුන් උතුරුකුරු දිවයිනෙහි වැඩ සිටි කාලය, මහාවංශයේ 1 වන පරිච්ඡේදයෙහි 18 වන ගාථාවේ මෙසේ සඳහන් වේ.
සිංහල පරිවර්තනය :
“……….උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය තෙනවුත් අනවතප්ත නම් විල සමීපයෙහි දී වළඳා තෙමේ සවස් වේලෙහි සම්යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක් හි ලංකාද්වීපය ශුද්ධ කරණු පිණිස ලක්දිවට පැමිණි සේක.
මෙහි, උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ලද බුදුරදුන් එය රැගෙන අනෝතත්ත විල සමීපයට පැමිණ එය වැළඳු බව කියැවේ. එසේනම් අනවතප්ත විල උතුරුකුරු දිවයින සමීපයෙහි පිහිටා තිබිය යුතුය. උතුරුකුරු ව පිහිටා ඇත්තේ හෙළදීපයේ නම් අනෝතත්ත විල ද පිහිටා තිබිය යුත්තේ හෙළදීපයේ ය.
හෙළදීපයේ ඉතිහාසය සිංහල භාෂාවෙන් අඛණ්ඩව ලියැවී ඇති එකම පුරාණ ග්‍රන්ථය ලෙස සැලකෙන රාජාවලියේ 01 වන පිටුවේ අනෝතත්ත විල ගැන මෙසේ සඳහන් වේ.
“……….ජම්බුවීපය දියෙන් ගොඩින් දසදහසක් යොදුන්හ. මුදට සාරදහසක් යොදුන් ගියේය. තුබු සදහසෙන් තුන්දහසක් යොදුන් හිමාල පර්වතය පිහිටියේය. ඒ හිමාලය වට සුවාසුදහසක් පර්වතය. එක එක පර්වතය යොදුන් පන්සියයක් උසය. ඊ පිට අනෝතත්ත විල තිබෙන්නේය. හිමාල පර්වත වලින් ගංගා පන්සියයක දිය අනෝතත්ත විලට වදින්නේය. එවිල වට දිග පනස් යොදුන්හ. උස දෙසියයක් යොදුන්හ. මහා පර්වතවල් පසක් විල වටකර තිබෙන්නේ ය. අගින් නැමී විල වසා සිටින්නේය. අනෝතත්ත විල දිග පළල ගැඹුරද පනස් පනස් යොදුන්හ. ඒ විල වට සයක් විල් තිබෙන්නේ ය. සිව් මහා ගංගා ඒ අනෝතත්ත විල වට තිබෙන්නේ ය. ඒ විලෙන් එක මුඛයක් සිංහමුඛයෙක; එක මුඛයක් ගජමූඛයෙක; එක මුඛයක් අශ්වමූඛයෙක; එක මුඛයක් ගොන්මූඛයෙක. දඹදිව මැදින් සිව් මහා ගංගා වැටුණාහ. මහා මුණියන්ගේ හිසින් සොලීකරේ මැදින් ගංගා වැටුනාහ…”
රාජාවලියට අනුව අනෝතත්ත
විල
පිහිටා
ඇත්තේ හිමාලය ඉහළ
ප්‍රදේශයේ යි.
හිමාලය
ඉහල
ප්‍රදේශය
යනු
ශ්‍රී පාද අඩවිය ආසන්නයේ ඊට
ඉහලින් පිහිටා ඇති හෝර්ටන් සානුව යි. මෙය සානුවක් ලෙස හැඳින්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ භූ විද්‍යාත්මකව ගත්
කල
කඳු
මුදුනක
පිහිටි
තැනිතලා
ප්‍රදේශයක්
වීමයි.
(මෙය අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි)
වර්තමානය වන විට මෙම අනෝතත්ත විල සිඳී ගොස් තිබේ. අනෝතත්ත විල පිහිටා තිබුනේ හෝර්ටන්තැන්නේ බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ
භූ විද්‍යා අංශය, හෝර්ටන්තැන්නේ පස් සාම්පල් විශ්ලේෂණය කළ පරීක්ෂණයකින් පසු මේ වන විට තහවුරු කොට තිබේ.
(මෙය අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි)
හෝර්ටන්තැන්නේ තෘණ භූමිය පුරා කළු පැහැති දියලු පස් ස්ථරයක් දක්නට ලැබේ. හෝර්ටන් තැන්න ද්‍රෝණියේ පහළ ප්‍රදේශයට යන විට මෙම දියලු පස් ස්ථරයේ ඝනකම වැඩි වන බව සොයාගෙන තිබේ. එය දීර්ඝ කාලයක් ජලය රැඳී පැවතුනු වැවක් හෝ විලක් වැනි ස්ථානයක පස් ස්ථරයේ ස්වභාවයට සමාන අවස්ථාවකි.
දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනයක් කිරීම
සඳහා
එයින්
පස්
නියැදියක්
රැගෙන
පරීක්ෂාවලට
ලක්
කළ
ශ්‍රී ජයවර්ධනපුර
විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ
කණ්ඩායමට
එම
පස්
නියැදිය
තුළ
තිබී,
ජලජ
පරිසරයක
තිබිය
යුතු
ශාක
කොටස්
සහ
ජලජ
ශාකයක
පරාග
සොයා
ගෙන
තිබේ. එම ශාක කොටස් සහ පරාග වල කාබන් කාල නිර්ණය කළ විට ඒවා අවුරුදු පහළොස් දාහක් පමණ පැරණි යැයි හඳුනාගෙන තිබේ. ඒ
අනුව
එම
ප්‍රදේශය
පුරාණ
කාලයේ
ජලයෙන්
පිරී
තිබූ
බව
නිගමනය
කොට
ඇත.
හෝර්ටන් තැන්න භූමියේ එම
සාම්පල්
පරීක්ෂාව
සිදු
කළ
ස්ථානයේ ජලය රැඳී පැවතිය
හැකිදැයි දැනගැණීමට සිදුකල මීටර් 2120 සමෝච්ච රේඛා අධ්‍යයනයකින් පසු මුළු ප්‍රදේශයම ජලයෙන් යට වී තිබුණි යැයි සනාථ කොට ගෙන තිබේ.
(මෙය අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි)
අනෝතත්ත විල සහ ඉන් පටන් ගන්නා සිව් මහා ගංගාවන් පිළිබඳ චිත්‍රයක් රන්ගිරි දඹුල්ල රජ මහා විහාරයේ ද ඇඳ තිබේ. මෙම චිත්‍රය මහනුවර යුගයට වඩා පැරණි බව ඉතිහාස ගවේෂකයින් පෙන්වා දෙන අතර එය මෙම ආරාමය ඉදි කළ කාලයේදී කළ චිත්‍රයක් ලෙසට හඳුනාගෙන තිබේ.
(මෙය අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි)
දඹුල්ල රජ මහා විහාරයේ ඇඳ ඇති දඹදිව සිතුවම
විස්තරාත්මකව
හැදෑරීමේදී
ඒ අවට
පිහිටි
ශාක,
සත්ව
සහ
භූවිෂමතා
ලක්ෂණ
ද
මැනවින්
පෙන්නුම්
කරන
බව
පෙනී
ගොස්
තිබේ.
මෙවැනිම සිතුවමක් බලංගොඩ කොට්ටිඹුල්වල පුරාණ විහාරයෙන් ද හමුවී තිබේ.
(මෙය අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි)






No comments:
Post a Comment