විජය [ක්‍රි. පූ.
543 - ක්‍රි. පූ. 505]
වර්ෂ 1912 - 1927 අතර කාලයේදී දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 30 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති POLONNARUVA : SLAB INSCRIPTION OF VIJAYA BAHU II නැමැති පුවරු ලිපියේ සදහන් වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා පැවත එන්නේ
විජය රජතුමන්ගේ රාජ පරම්පරාව වන සිංහබාහු රාජ පරම්පරාවෙන්ම බවයි.
මෙහි ඉංග්‍රීසි පරිවර්තනය පහත පරිදි වේ.
ඓතිහාසික සාහිත්‍ය සහ පුරාවිද්‍යා මූලාශ්‍ර වලට අනුව මහා
පරාක්‍රම බාහු රජතුමා මෙරට බිහි වූ රාජ පෙළපතකට අයත් රජ කෙනෙකි. විජය රජතුමා ද
අයත් වන්නේ එම රාජ පරපුරටම නම් විජය රජතුමා ඉපදී ඇත්තේ මෙම දේශයේම විය යුතුය.
චන්ද්‍රදාස කහඳවආරච්චි මහතා විසින් පාලි දීපවංශය
ආධාරයෙන් සම්පාදනය කරන ලද සිංහල දීපවංශය නැමැති කෘතියේ 4 වන පරිච්ඡේදයේ 62 වන පිටුවේ මෙසේ සඳහන් වේ.
කර්තෘ සටහන්
මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී පාලි ග්‍රන්ථයේ යොදා
තිබුණු දඹදිව යන වචනය මෙම ග්‍රන්ථයේ දී ඉංදියාව ලෙස වෙනස් කොට ඇත්තේ මෙම ග්‍රන්ථය රචනා කළ කාලයේ දී දඹදිව ලෙස හැඳින්වූයේ ඉන්දියාව යැයි තිබූ
ජනමතය නිසා විය හැකිය.
මහාවංශයේ මුල් කෘතිය ආධාරයෙන්, දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියන් විසින්
සංස්කරණය
කොට
සිංහල
භාෂාවට
පරිවර්තනය
කරන
ලද
මහා වංශයේ හත්වන පරිච්ඡේදයේ ඒ
සම්බන්ධව වූ විස්තරයක් මෙසේ දැක්වේ.
මෙහි සඳහනට අනුව විජය කුමරු පැමිණියේ ලාටා රටින් බව
වැටහේ. ‘ලාට’ රට
පිළිබඳව වැඩිදුර විස්තරයක් මහාවංශයේ හයවන පරිච්ඡේදයේ මෙසේ දැක්වේ.
ඒ අනුව විජය කුමරුගේ පියාණන් වූ සිංහබාහු රජතුමා ඉදිකළ සිංහපුරය ලාට රට පිහිටා තිබූ බව වටහා ගත හැකිය.
වර්ෂ 1912 - 1927 අතර කාලයේදී දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 13 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති THE SLAB-INSCRIPTION OF KIRTI-NISSANKA-MALLA AT
RUVANVALI DAGABA, ANURADHAPURA නැමැති පුවරු ලිපියේ සදහන් වන්නේ
කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා උපත ලබා ඇත්තේ සිංහපුර බවයි.
සැබැවින්ම මෙහි සඳහන් සිංහපුරය යනු විජය කුමරා උපන් ලාට
රට සිංහපුරයම දැයි විසඳා ගත යුතුය.
වර්ෂ 1912 - 1927 අතර කාලයේදී දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 17 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති පොලොන්නරුව
ගල්පොත පුවරු ලිපියේ සදහන් වන්නේ විජය කුමාරයා අයත් වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංක
මල්ල රජතුමාගේ රාජ වංශයට බවයි.
මෙහි ඉංග්‍රීසි පරිවර්තනය පහත පරිදි වේ.
ඒ අනුව විජය කුමරා ලක්දිව වෙත පැමිණි ලාට රට පිහිටි
සිංහපුරය,
කළිඟු රටට අයත් වූ බව වැටහේ. කීර්ති
ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා උපන් කළිඟු රට පිහිටා තිබී ඇත්තේ පොලොන්නරු නගරයට
ආසන්නයේ පිහිටා ඇති දාස්තොට ආසන්නයේය.
1963 වර්ෂයේ දී නිකුත් කළ රාජකීය ආසියාතික සංගමයේ ලංකාවට අදාල සඟරාවේ (JOURNAL OF THE CEYLON BRANCH OF THE ROYAL ASIATIC SOCIETY) පළ කළ, සී. ඩබ්ලියු. නිකලස් මහතා විසින් රචිත ‘HISTORICAL TOPOGRAPHY OF ANCIENT AND MEDIEVAL CEYLON’ නැමැති වාර්තාවේ 40 සහ 186 වන පිටුවල මෙලෙස දක්වා තිබේ.
ඒ අනුව වැටහෙන්නේ විජය කුමරා ඉන්දියාවෙන් හෝ භාරතයෙන් ලංකා දේශයට නොපැමිර්‍ණ බවයි. සැබැවින්ම ඔහු පැමිණ ඇත්තේ එකල දඹදිවට අයත්වී තිබූ කළිඟු රටෙනි.
කුවේණිය පලවා
හැරි විජය කුමරු වෙනත් විවාහයක් කරගත් බව මහා වංශයේ දැක්වේ. එය එසේ සටහන් වී
ඇතිනමුත් වරිගපූර්ණිකාවට අනුව එහි යම් ඌනතාවයක් ඇති බව වැටහේ.
වරිගපූර්ණිකාව
මූලාශ්‍ර කොට ගෙන ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරත්න හිමි විසින්
සම්පාදනය කරන ලද යක්ෂ ගෝත්‍රිකයන්ගේ අපුකට තොරතුරු නැමැති කෘතියේ මෙසේ
සඳහන් වේ.
මෙහි මහාපාලිය ලෙස සඳහන් වන්නේ කුවේණියයි. එමෙන්ම පඩි රට
රජුගේ දියණිය ලෙස සඳහන් වන්නේ මෙම මෝමකි නම් නාග හෙළයට අයත් කුමාරිය විය හැකිය.
ළංකා දේශයට පැමිණි විජය කුමරාගෙන් සිංහලයින් පැවත එන්නේ යැයි ජනප්රවාදයේ සඳහන්
වේ.
කර්තෘ සටහන්
මේ සම්බන්ධව වැඩිදුර අධ්යනයක් කළ යුතුය.














No comments:
Post a Comment