15.4.8 ගොතම බුදුන්ගේ පරිනිර්වාණය [ක්‍රි. පූ. 543]

බුද්ධ පරිනිර්වාණය දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට අයත් උපවර්තන සාල උයනේ සිදු වූ බව සඳහන් වේ.

බව ත්රිපිටකයේ සූත් පිටකයේ දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්රයේ මෙසේ සදහන් වේ.

“……අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ආයාමානන්ද, යෙන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යෙන කුසිනාරා උපවත්තනං මල්ලානං සාලවනං තෙනුපසඞ්කමිස්සාමා’’ති . ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යෙන කුසිනාරා උපවත්තනං මල්ලානං සාලවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ඉඞ්ඝ මෙ ත්වං, ආනන්ද, අන්තරෙන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤපෙහි, කිලන්තොස්මි, ආනන්ද, නිපජ්ජිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා අන්තරෙන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤපෙසි. අථ ඛො භගවා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්‍යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො.

සිංහල පරිවර්තනය :

“……එවිට භාග්‍යවතුන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, එව, යම්හ, හිරඤ්ඤවතී නම් ගංගාවගේ එගොඩ ඉවුර යම් තැනෙක්හිද කුසිනාරා නුවර මල්ලව රජුන්ගේ උපවර්තන නම්වූ සල්වනය යම්තැනකද එතනට පැමිණෙම්හයි’ කීවෝය “එසේය, ස්වාමීන් වහන්ස” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග හිරඤ්ඤවතී නම් ගංගාවගේ එගොඩ ඉවුර යම්තැනකද කුසිනාරා නුවර මල්ලව රජුන්ගේ උපවර්තන නම් සල් වනය යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, තෙපි මට යමක සල් ගස් දෙදෙන අතුරෙහි හිස උතුරට තබා ආසනයක් පනවව, ආනන්දය, ඉතා ක්ලාන්තයෙමි, සයනය කරමියි” කීවෝය. “එසේය, ස්වාමීන් වහන්සැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී යමක සල්ගස් අතුරෙහි උතුරට හිස තබා ආසනයක් පැණවූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රීපාදය උඩ වම් ශ්‍රීපාදය තබා සිහි නුවණින් යුක්තව දකුණැලයෙන් සිංහසෙය්‍යාවෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු නිදීමෙන්) සැතපුණෝය.

එකල කුසිනාරා නුවර ලෙස හඳුන්වා ඇත්තේ ඊටත් පෙර කාලයක ආලකමන්දාව ලෙස හැඳින්වූ, පසු කලෙක සීගිරි රාජධානිය ලෙස හැඳින්වූ ප්‍රදේශයට බව මේ පිළිබඳව අධ්‍යයනය කළ සමහරුන්ගේ මතයයි.

එසේ නම් ත්‍රිපිටකයේ කුසිනාරා නුවර හා සම්භන්ධව සඳහන් කොට ඇති දෑ සමග සැසඳීමේදී සීගිරිය පරිශ්‍රය ඒ හා සමාන විය යුතු ය.

 

----------------------------------------------------------------------------------------------------------------

පිරිනිවන් පෑ ගොතම බුදුන් ගේ ශ්‍රී දේහය ආදාහනය කළ යුතු ආකාරය පිළිබඳව අනුරුද්ධ තෙරුන් විසින් මල්ල රජ දරුවන් වෙත උපදෙස් ලබා දී ඇත. වාසෙට්ඨ නම් වූ මල්ල රජදරුවන්ගේ අදහස වී ඇත්තේ ශ්‍රී දේහය ඇතුළු නුවරට නොගෙන නුවරට දකුණු දිසාවෙන් ආදාහන කටයුතු කළ යුතු බවයි. නමුත් අනුරුද්ධ තෙරුන් ගේ උපදෙස් අනුව ශ්‍රී දේහය නුවර උතුරු වාහල් දොරින් නගරයට ඇතුළු කොට නගරය මැදට ගෙනැවිත් ඉන් පසු නැගෙනහිර වාහල් දොරින් පිටතට ගෙනයාමට කටයුතු කොට ඇත.

බව ත්රිපිටකයේ සූත් පිටකයේ දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්රයේ මෙසේ සදහන් වේ.

 ‘‘කථං පන, භන්තෙ, දෙවතානං අධිප්පායො’’ති? ‘‘තුම්හාකං ඛො, වාසෙට්ඨා, අධිප්පායො - ‘මයං භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුං කරොන්තා මානෙන්තා පූජෙන්තා දක්ඛිණෙන දක්ඛිණං නගරස්ස හරිත්වා බාහිරෙන බාහිරං දක්ඛිණතො නගරස්ස භගවතො සරීරං ඣාපෙස්සාමා’ති; දෙවතානං ඛො, වාසෙට්ඨා, අධිප්පායො - ‘මයං භගවතො සරීරං දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුං කරොන්තා මානෙන්තා පූජෙන්තා උත්තරෙන උත්තරං නගරස්ස හරිත්වා උත්තරෙන ද්වාරෙන නගරං පවෙසෙත්වා මජ්ඣෙන මජ්ඣං නගරස්ස හරිත්වා පුරත්ථිමෙන ද්වාරෙන නික්ඛමිත්වා පුරත්ථිමතො නගරස්ස මකුටබන්ධනං නාම මල්ලානං චෙතියං එත්ථ භගවතො සරීරං ඣාපෙස්සාමා’ති. ‘‘යථා, භන්තෙ, දෙවතානං අධිප්පායො, තථා හොතූ’’ති.

සිංහල පරිවර්තනය :

ස්වාමීනි, දෙවියන්ගේ අදහස කෙසේදැයි” ඇසූහ. “වාසෙට්ඨ නම්වූ මල්ල රජදරුවෙනි, තොපගේ අදහස නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය නැටුම්වලින්ද ගී කීම්වලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද, සත්කාර ගරුකාර කරමින් සිතින් බුහුමන් කරමින් පූජා කරමින් නුවරට දකුණු දිසාවෙන්ම දකුණු දිශාවට ගෙන ගොස් ඇතුළුනුවරට ඇතුල් නොකොට පිටිනුවරින් පිටි නුවරට පැමිණ නුවරට දකුණු දිග් භාගයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය ආදාහනය කරම්හයි’ කියාය. එම්බා මල්ල රජදරුවෙනි, දෙවියන්ගේ අදහස නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය දිව්‍යමය නැටුම්වලින්ද, ගී කීම්වලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද, සත්කාර කරමින් ගරුකාර කරමින් සිතින් බුහුමන් කරමින් පූජාකරමින් නුවරට උතුරු දිග්භාගයෙන්ම උතුරු දිග් භාගයට වඩා ගෙණ ගොස් උතුරු වහසල් දොරින් නගරය ඇතුළට ඇතුල්කොට නුවර මැදින් නුවර මැදට පමුණුවා නැගෙනහිර වහසල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසවූ මල්ල රජ දරුවන්ගේ මකුටබන්ධන නම්වූ ප්‍රධාන මංගල ශාලාව නම් තැනෙක්හිද මේ ස්ථානයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරම්හයි කියායි. ‘ස්වාමීන්වහන්ස දෙවියන්ගේ අදහස යම් පරිද්දෙකින් වන්නේ වේද එපරිද්දෙන්ම වේවයි’ කියා සැළකළාහුය.

ඒ අනුව පැහැදිලි වන්නේ කුසිනාරානුවර ඇතුල්නුවර සහ පිට නුවර වශයෙන් වෙන් කොට තිබූ බවත් ඇතුළු නුවරට පිවිසීම සඳහා සතර දිසාවෙහි වාහල්කඩ හතරක් තිබූ බවත් ය.

සීගිරියේ ද මේ අයුරින් ඇතුළු නුවරට පිවිසීම සඳහා වාහල්කඩ හතරක් ඇත. (මින් නැගෙනහිර වාහල්කඩ තවමත් කැණීම් සිදු කොට නොමැත).

ඒ අනුව එකල කුසිනාරා නුවර ලෙස හැදින්වූයේ වර්තමාන සීගිරි රාජධානිය බව අනුමාන කළ හැකිය.

 

----------------------------------------------------------------------------------------------------------------

බුද්ධ පරිනිර්වාණය සිදුවූ සාල වනයේ පිහිටීම පිළිබඳ සටහනක් දීඝ නිකාය මහාවග්ග ටීකාවේ යමකසාලාවණ්ණනා හී මෙසේ සඳහන් වේ.



සිංහල පරිවර්තනය :

එවං තං කුසිනාරායං හොතී යනු අනුරපුරට නිරිත දෙසින් ථූපාරාමය සේ කුසිනාරාවට නිරත දෙසින් එම උයන පිහිටා ඇත.

 

එසේනම් සීගිරියට නිරිත දිශාවෙන් බුද්ධ පරිනිර්වාණය සිදුවූ සාල වනය පිහිටා තිබිය යුතුය.

 


 

මෙවැනි ස්ථානයක් සීගිරි පරිශ්‍රය අසල හඳුනාගත හැකි අතර මෙම ස්ථානය වර්තමානයේ හඳුන්වන්නේ පබ්බතාරාමය හෙවත් රාම ස්තූපය ලෙසයි.

 


 

ඒ අනුව ගොතම බුදුන් වහන්සේ පරිනිර්වාණය කළ ස්ථානය වර්තමාන සීගිරියේ පබ්බතාරාමය ලෙස හඳුනාගත හැකිය.

 

කර්තෘ  සටහන්

කෝණාගම බුදුන් පිරිණිවන් පෑ ස්ථානය ද වර්තමානයේ සීගිරියේ පිහිටා තිබෙන පබ්බතාරාමය නම් වූ ස්ථානය බව මේ වන විට සොයාගෙන ඇත.

 



15.4.7 ගොතම බුදුන් හෙලදිව දී සිදු කළ ධර්ම දේශනා

කින්තිබීර රජතුමාගේ දියණිය වූ කවිලාශ අග්නිපාලී කුමරියගේ ආරාධනාව මත ගොතම බුදුන් වහන්සේ හෙළදිවට වැඩම කර ඇත.

ඒ බව වරිගපූර්ණිකාව මූලාශ්‍ර කොට ගෙන ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරත්න හිමි විසින් සම්පාදනය කරන ලද යක්ෂ ගෝත්‍රිකයන්ගේ අපුකට තොරතුරු නැමැති කෘතියේ 48 වන පිටුවේ මෙසේ දැක්වේ.

 


 

දඹදිව වාසය කළ ගොතම බුදුන් පිළිබඳව හෙළදිව ජීවත් වු කවිලාශ අග්නිපාලී කුමරිය දැනුවත් වී ඇත්තේ එතුමියට හමුවු වෙළඳ නායකුගෙනි.

ඒ බව වරිගපූර්ණිකාව මූලාශ්‍ර කොට ගෙන ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරත්න හිමි විසින් සම්පාදනය කරන ලද යක්ෂ ගෝත්‍රිකයන්ගේ අපුකට තොරතුරු නැමැති කෘතියේ 48 වන පිටුවේ මෙසේ දැක්වේ.

 


මෙහි සඳහන් වන බෞද්ධ වෙළඳ නායකයාගේ නාමය පුණ්ණ වේ. බුදුන් හමුවට ගිය පුණ්ණ බණ අසා පැවිදි බවට පත් වී ඇත. කවිලාශ දේවියගේ ඉල්ලීම ගොතම බුදුන් වෙත සැලකර බුදුන් වහන්සේන් ආනන්ද තෙරුන් වහන්සේ සමග පුණ්ණ තෙරුන් වහන්සේද හෙළදිවට වැඩම කොට ඇත.

 

----------------------------------------------------------------------------------------------------------------

පූජ්‍ය මූකලන්ගමුවේ පඥ්ඥානන්ද හිමිපාණන් විසින් රචිත අපට අහිමි වූ අපේ උරුමය-1 නැමැති කෘතියේ සඳහන් ජාත පබ්බත හෙවත් රන්ගිරි දඹුල්ල ලෙන් ලිපියෙහි මෙසේ දැක්වේ.

ගොතම ශමණෙ බඩගරික අනද තෙරශ පුණ තෙරශ ප්රශ තෙරශ අගමගශ ලෙණෙ මනප දශන නම අගත අනගත චතුදිශ ශගශ

ඒ අනුව ගොතම බුදුරදුන්, ආනන්ද, පුන්න සහ පුශ යන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා සමඟ හෙළදිවට වැඩම කළ අවස්ථාවේ හෙළදිව පිහිටි දඹුල්ලට වැඩි බව සනාථ වේ.

ඒ අනුව එකල ඉසිගිලි පර්වතය ලෙස හැඳින්වූ වර්තමානයේ රංගිරි දඹුලු ලෙන් ලෙස හඳුන්වන ස්ථානයේ පිහිටි ගල් ලෙනක් බුදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේලාට වැඩ සිටීමට හැකිවන පරිදි සකසා කවිලාශ අග්නිපාලි දේවිය විසින් පුදන්නට ඇතැයි අනුමාන කළ හැකියි.

 

වරිගපූර්ණිකාව මූලාශ්‍ර කොට ගෙන ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරත්න හිමි විසින් සම්පාදනය කරන ලද යක්ෂ ගෝත්‍රිකයන්ගේ අපුකට තොරතුරු නැමැති කෘතියේ සඳහනට අනුව බුදුන් වහන්සේ මුලින්ම වැඩම කර ඇත්තේ ධූමක කද්දීරයටයි. ධුමක කද්දීරය යනු කලා ඔය මිටියාවතයි.

අනතුරුව වැඩම කොට ඇත්තේ ලලාට දේශයටයි. ලලාට දේශය යනු කලා ඔය මෝයෙන් ඇරඹී පුත්තලම දක්වා වූ මුහුදුබඩ ප්‍රදේශයයි. ශ්‍රී පාද සලකුණ වන්දනා කිරීමට පැමිණ ඇති බැතිමත්හු නළල වැල්ලෙහි ඔබා ශ්‍රී පාදය වන්දනා කර ඇති බැවින් පසුකලෙක මෙම ප්‍රදේශය ලලාට දේශය ලෙස හඳුන්වා ඇතැයි ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරත්න හිමි විසින් සම්පාදනය කරන ලද යක්ෂ ගෝත්‍රිකයන්ගේ අපුකට තොරතුරු නැමැති ග්‍රන්ථයෙහි සඳහන් වේ.

එම ග්‍රන්ථයේ 49 වැනි පිටුවෙහි සඳහන් කොට ඇති අන්දමට කලා ඔය ආසන්නයෙන් පිහිටා තිබූ මාර්ගයක් ඔස්සේ බුදුන් වහන්සේ නීලගිරියට සහ සන්තානාගිරට වැඩම කොට ඇත. අතරමගදී දිවා විහරණය සඳහා වැඩ සිටි ස්ථානය ද ශුද්ධ භූමියක් ලෙස යක්ඛ හෙළයන් විසින් සලකා ඇත. බුදුන් වහන්සේ දිවා විහරනය සඳහා පරිහෝග කළ වජ්‍රාසනය තැන්පත් කොට චෛත්‍යයක් ඉදිකොට ඇත. පසුකලෙක එම විහාරය වජ්‍රාසන විහාරය නමින්ද එම ප්‍රදේශය වජ්‍රාසන දේශය නමින් ද හඳුන්වා ඇත. එම ස්ථානය වර්තමානයේ හඳුන්වන්නේ මහවැලි එච් කලාපයේ මකුලෑව ග්‍රාමයේ ශ්‍රී සුදර්ශන විහාරය යන නමිනි.

 

 

නවතම ලිපි

දඹදිව පිහිටා තිබූ ප්‍රදේශය පිළිබඳ ලැබුණු පුරාවිද්‍යා සාක්ෂි

  පළමුවන සාක් ‍ ෂිය දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්...

ප්‍රචලිත ලිපි