අපි මේ වෙනකොට මහාවංශයේ සඳහන් වන මහා සම්මත රාජ පරම්පරාව මෙරටේ ස්ථාපිත වෙලා තිබුණා කියන කාරණාව සම්බන්ධව සාක්ෂි සාධක ඇතිව කතා කළා. ඒත් එක්කම ක්‍ෂත්‍රීය රාජවංශයේ සුද්දෝධන රජතුමා සම්බන්ධවත් සාක්ෂි සාධක ඇතුව කතා කළා, සුද්දෝධන රජතුමා මෙරටේ රජකම කළා කියන කාරණය සම්බන්ධව.
ඒත් එක්කම පසුගිය වැඩසටහනෙන් අපි සාකච්ඡා කළා, සිදත ගොතම බුදුන් වහන්සේ මේ භූමියේ වැඩසිටි බවට ඉදිරිපත් කරපු කරුණු කාරණා සම්බන්ධව. ඒත් එක්කම අද වැඩසටහන වෙන් කරා මහා සම්මත රජතුමාගේ ඉඳලා ක්‍ෂත්‍රීය රාජවංශය දක්වා රාජ පරම්පරාවල් වෙනස් වෙවී එද්දී, අපිට හම්බවෙනවා අතරමැදදී "ඔක්කාක" කියලා රාජ පරම්පරාවක් සම්බන්ධව. අද වැඩසටහනෙන් කතා කරන්නේ මේ ඔක්කාක රාජ පරපුර මෙරටේ ස්ථාපිත වෙලා තිබුණා කියන කාරණයට අදාළ පුරාවිද්‍යා සාක්ෂි සාධක. අපි දන්නවා ඔක්කාක රාජ පරම්පරාව ඇතිවෙලා තියෙන්නේ, පටන් අරන් තියෙන්නේ මඛාදේව රාජවංශයෙන් කියන කාරණය.
ඒත් එක්කම අපි මේ වෙනකොටත් දන්නවා අපේ සමාජයේ විවාහ වලදී, පෝරුවේ චාරිත්‍ර අවස්ථාවේදී මනාලයා විසින් මනාලියගේ මවට සුදු රෙදි කච්චියක් ලබා දෙනවා. ඒ සිරිත පැවතෙන්නේ පුරාණයේ ඔක්කාක රාජ වංශය අනුගමනය කරපු සිරිත විදිහටයි කියන දේ අෂ්ටක කවිවල සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ පෝරුවේ චාරිත්‍ර නිර්මාණය වෙලා තියෙන්නේ ඔක්කාක රාජවංශයේ සිරිත් විරිත් අනුව කියන කාරණයත්. නමුත් වෙනත් කිසිම රටක මෙවැනි චාරිත්‍රයක් දක්නට ලැබෙන්නේ නැහැ කියන කාරණයත් මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න ඕනේ.
මේ ඔක්කාක රාජවංශය පිළිබඳව මම ගවේෂණයක් සිද්ධ කළා ඔක්කාක රාජවංශය මෙරට ස්ථාපිත වෙලා තිබුණද කියන කාරණය හොයලා බලන්න. එහිදී මට හම්බ වුණා, වර්ෂ 1912ත් 1927ත් අතර කාලයේදී දොන් මාටිනෝද සිල්වා වික්‍රමසිංහ විසින් සංස්කරණය කරලා පරිවර්තනය කරපු පුරාණ ශ්‍රී ලංකාවේ හමුවුණු ශිලා ලිපි සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කරලා රචනා කරපු ග්‍රන්ථය, "EPIGRAPHIA ZEYLANICA." එම ග්‍රන්ථ මාලාවේ පළවෙනි කාණ්ඩයේ හත්වන ශිලා ලිපි කියවීම තමයි මුලින්ම මට හම්බ වුණේ. හත්වන ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "THE TWO TABLETS OF MAHINDA IV AT MIHINTHALE" ලෙසට නම් කරපු සෙල්ලිපිය. මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා හතරවන මහින්ද රජතුමා පැවත එන්නේ ඔක්කාක රාජවංශයෙන් කියන කාරණය.
මෙහි
ඉංග්‍රීසි පරිවර්තනයත් මේ විදිහට දැක්වෙනවා.
අපි මේ වෙනකොට දන්නවා ඓතිහාසික මූලාශ්‍ර සහ
තහවුරු කරගත් පුරා විද්‍යා සාක්ෂි අනුව දෙවන ලම්භකර්ණ වංශයට අයත් හතරවන මහින්ද
රජතුමා කියලා කියන්නේ පුරාණ ශ්‍රී ලංකාවේ රජ පෙළපතකින් ජන්මය ලැබූ අයෙක් කියන
කාරණය. හතරවන මහින්ද රජතුමා අයත් වෙන්නේ මෙරට රජ පෙළපතකට නම්, ඒ අනුව ඔක්කාක රාජවංශය
පැවතියේ මෙරට කියන කාරණය ඒ මගින් සනාථ වෙනවා.
ඒත් එක්කම දෙවෙනි කාරණය මට හම්බ වුණා එම ග්‍රන්ථමාලාවෙම පළමුවෙනි කාණ්ඩයේ දාහතරවන ශිලා ලේඛනයෙන්. 14 වන ශිලා ලේඛනය ලෙස සඳහන් වෙලා තියෙන්නේ "SLAB INSCRIPTION OF QUEEN LILAWATHI" ලෙස නම් කරපු පුවරු ලිපිය. ඒ ලිපියේ සඳහන් වෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ අග මෙහෙසිය වන ලීලාවතී රැජිණ පැවත එන්නේ ඔක්කාක රාජ පරපුරෙන් කියන කාරණය. ඒක මේ විදියට තමයි සඳහන් වෙලා තියෙන්නේ.
එහි ඉංග්‍රීසි පරිවර්තනය මේ වගේ දැක්වෙනවා.
ඓතිහාසික මූලාශ්‍ර සහ මේවන විට තහවුරු කරගත්
පුරාවිද්‍යා සාක්ෂි අනුව මහා පරාක්‍රමබාහු රජතුමාගේ අගමහෙසිය වන ලීලාවතී රැජිණ, පැවත එන්නේ පුරාණ ශ්‍රී
ලංකාවේ රජ පෙළපතකින්. මෙරට රජ පෙළපතකින් ලීලාවතී රැජිණ පැවත එනවා නම්, පැහැදිලිවම ඔක්කාක
රාජවංශය මෙරට පැවත ආපු රාජවංශයක් කියන කාරණය අපිට පිළිගන්න වෙනවා.
ඒත් එක්කම තුන්වන සාක්ෂිය මට ලැබෙනවා එම ග්‍රන්ථ මාලාවෙම පළමුවෙනි කාණ්ඩයේ පහළොස්වන ශිලාලිපි කියවීම හරහා. 15 වන ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙන්නේ "SLAB INSCRIPTION OF UDA MAHAYA" ලෙස නම් කරපු පුවරු ලිපිය. එහි සඳහන් වෙන්නේ උදා නම් වුණු ප්‍රාදේශීය පාලකයා, පැවත එන්නේ ඔක්කාක රාජ පරපුරෙන් කියන කාරණය. ඒ සෙල්ලිපිය මෙන්න මෙහෙම දැක්වෙනවා.
එම
සෙල්ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය මේ ආකාරයෙන් අඩංගු වෙනවා.
මෙහි සඳහන් කරලා තියෙන "උදා" නම්
වුණු ප්‍රාදේශීය පාලකයා දෙවන සේන රජුගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙක් බවට පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මගින් සහතික කරලා තියෙනවා. දෙවන සේන රජතුමා පුරාණ ශ්‍රී ලංකාවේ රජ
පෙළපතකින් ජන්මය ලැබූවෙක් විදිහට අපි මේ වෙනකොට හොඳ ආකාරවම දන්නවා. එහෙම නම් මෙරට
රජ පෙළපතකට අයිති වුණු "උදා" නම් මේ ප්‍රාදේශීය පාලකයා, ඔක්කාක රාජ වංශයට
අයිති නම්, ඔක්කාක
රාජවංශය කියලා කියන්නේ මෙරට පැවත ආපු රාජවංශයක් බවට අපිට ඒ මගින් නැවත වාරයක්
තහවුරු වෙනවා.
ඊළඟ සාක්ෂිය මට ලැබෙනවා එම ග්‍රන්ථමාලාවේම දෙවන කාණ්ඩයේ හයවෙනි ශිලාලිපි කියවීම හරහා. 6 වෙනි ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "MADIRIGIRIYA PILLAR-INSCRIPTION" ලෙස නම් කරපු ටැම් ලිපිය. ඒ ලිපියේ සඳහන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 900 ත් 990 ත් අතර කාලය තුළ රජ කරපු පස්වන කාශ්‍යප රජතුමා පැවතෙන්නේ ඔක්කාක රාජ වංශයෙන් කියලා. ඒ සෙල්ලිපිය මේ වගේ තමයි තියෙන්නේ.
එහි
ඉංග්‍රීසි පරිවර්තනය මේ ආකාරයෙන් දැක්වෙනවා.
ඓතිහාසික මූලාශ්‍ර සහ මේ වනවිට තහවුරු කරගත්
පුරාවිද්‍යා සාක්ෂි අනුව පස්වන කාශ්‍යප රජතුමා පුරාණ ශ්‍රී ලංකාවේ රජ පෙළපතකින්
ජන්මය ලැබූවෙක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මෙරට රජ පෙළපතකට අයිති වුණු මේ
පස්වන කාශ්‍යප රජතුමා ඔක්කාක රාජවංශයට අයිති නම්, ඔක්කාක කියලා කියන්නේ මෙරට පැවති රාජවංශයක්
බවට අපිට නැවත වාරයක් ඒ හරහා සනාථ වෙනවා.
ඒත් එක්කම ඊළඟ සාක්ෂිය මට ලැබෙනවා එම ග්‍රන්ථමාලාවේම දෙවන කාණ්ඩයේ හයවන ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන "ATAVIRAGOLLAWA PILLAR-INSCRIPTION" ලෙස සඳහන් කරපු සෙල්ලිපියෙන්. එහි සඳහන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 991 ත් 1003 ත් අතර කාලය තුළ රජ කරපු, පස්වන දප්පුල රජතුමා පැවතෙන්නේ ඔක්කාක රාජ පරපුරෙන් කියන කාරණය. එම සෙල්ලිපිය මේ වගේ දැක්වෙනවා.
එහි ඉංග්‍රීසි පරිවර්තනයත් මෙන්න මේ ආකාරයට දැක්වෙනවා.
අපි දන්නවා මේ වෙනකොට තිබෙන ඓතිහාසික මූලාශ්‍ර
සහ තහවුරු කරගත් පුරාවිද්‍යා සාක්ෂි අනුව පස්වන දප්පුල රජතුමා පුරාණ ශ්‍රී ලංකාවේ
රජ පෙළපතකින් ජන්මය ලැබූවෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ. මෙරට රජ පෙළපතකට අයිති
වුණු පස්වන දප්පුල රජතුමා ඔක්කාක රාජවංශයට අයිති වෙනවා නම්, අපිට ඒ අනුව තීරණය
කරන්න පුළුවන්කමක් ලැබෙනවා මේ ඔක්කාක රාජවංශය කියලා කියන්නේ මෙරට පැවතුණු
රාජවංශයක් කියන කාරණය.
අපිට ඊළඟ සාක්ෂිය ලැබුණා එම ග්‍රන්ථ මාලාවේම, "EPIGRAPHIA ZEYLANICA" කියන ග්‍රන්ථ මාලාවේම දෙවන කාණ්ඩයේ දහතුන්වෙනි ශිලාලිපි කියවීම හරහා. 13 වන ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "THE SLAB INSCRIPTION OF KIRTHI-NISSANKA MALLA AT RUWANVELI-DAGEBA, ANURADHAPURA" ලෙස නම් කරපු පුවරු ලිපිය. ඒ ලිපියේ සඳහන් වෙනවා ක්‍රිස්තු වර්ෂ 1187 ත් 1196 ත් අතර කාලය තුළ රජ කරපු නිශ්ශංකමල්ල රජතුමා පැවතෙන්නේ ඔක්කාක රාජපරපුරෙන් කියන කාරණය.
මෙහි ඉංග්‍රීසි පරිවර්තනයත් මෙන්න මේ ආකාරයට දැක්වෙනවා.
අපි දන්නවා ඓතිහාසික මූලාශ්‍ර සහ මේ වනවිට
තහවුරු කරගත් පුරාවිද්‍යා සාක්ෂි අනුව, නිශ්ශංකමල්ල රජතුමා පුරාණ ශ්‍රී ලංකාවේ රජ පෙළපතකින් ජන්මය
ලැබුවෙක් කියන කාරණය. මෙරට රජ පෙළපතකට අයිති වුණු නිශ්ශංකමල්ල
රජතුමා ඔක්කාක රාජවංශයට අයිතියි නම්, ඒකෙන් අදහස් කරන්නේ ඔක්කාක කියලා කියන්නේ
මෙරට පැවතුණු රාජවංශයක් කියන කාරණය.
ඒත් එක්කම මට ඊළඟ සාක්ෂිය හම්බවෙනවා එම ග්‍රන්ථමාලාවේම දෙවන කාණ්ඩයේ තිස් එක්වැනි ශිලාලිපි කියවීම හරහා 31වැනි ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "DIMBULA-GALA : MARA-VIDIYE ROCK INSCRIPTION" ලෙස නම් කරපු පුවරු ලිපිය. ඒ පුවරු ලිපියේ සඳහන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1121 ත් 1142 ත් අතර කාලය තුළදී රජ කරපු පළමුවන වික්‍රමබාහු රජතුමාගේ අගමෙහෙසිය වුණු සුන්දර මහාදේවිය පැවතෙන්නේ ඔක්කාක රාජපරපුරෙන් කියන කාරණය. එම ශිලාලිපිය මේ ආකාරයට දැක්වෙනවා.
මෙහි
ඉංග්‍රීසි පරිවර්තනයත් මේ විදියට තමයි පොතේ සඳහන් වෙලා තියෙන්නේ.
අපි දන්නවා ඓතිහාසික මූලාශ්‍ර වලට සහ
පුරාවිද්‍යා මූලාශ්‍ර වලට අනුව වික්‍රමබාහු රජතුමාගේ අගමෙහෙසිය වුණු සුන්දර මහාදේවිය
අයිති වෙන්නේ මේ රටේ රාජ පරපුරකට කියන කාරණය. එහෙනම් ඔක්කාක කියලා කියන්නෙත් මෙරට
පැවතුණු රාජ පරපුරක්ය කියන කාරණය නැවත නැවතත් අපිට මේ හරහා සනාථ වෙනවා.
මට ඊළඟ සාක්ෂිය හම්බවෙනවා එම ග්‍රන්ථ මාලාවේම දෙවන කාණ්ඩයේ තිස් පස්වැනි ශිලාලිපි කියවීම හරහා. 35 වැනි ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "AMBAGAMUWA ROCK INSCRIPTION OF VIJAYABAHU I" ලෙස නම් කරපු පුවරු ලිපිය. එම ලිපියේ සඳහන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1058 ත් 1114 ත් අතර කාලය තුළ රජ කරපු පළමුවන විජයබාහු රජතුමා පැවතෙන්නේ ඔක්කාක රාජපරපුරෙන් කියන කාරණය. මේ විදියට තමයි සෙල්ලිපිය සඳහන් වෙන්නේ.
එහි ඉංග්‍රීසි පරිවර්තනය මේ ආකාරයෙන් දැක්වෙනවා.
අපි හොඳාකාරවම දන්නවා ඓතිහාසික මූලාශ්‍ර වලට
සහ පුරාවිද්‍යා මූලාශ්‍රවලට අනුව විජයබාහු රජතුමා කියලා කියන්නේ මෙරටේ රාජ පරපුරකට
අයිති වුණු රාජකුමාරයෙක් කියලා දකුණෙන් බිහිවුණු. එසේනම් ඒ අනුව තහවුරු වෙනවා නැවත
වාරයක් මේ ඔක්කාක කියලා කියන්නේ මෙරට පැවත ආ රාජ පරම්පරාවක් කියන කාරණය.
මට ඊළඟ සාක්ෂිය ලැබෙනවා "EPIGRAPHIA ZEYLANICA" නැමති ග්‍රන්ථ මාලාවේම දෙවන කාණ්ඩයේ තිස් හයවැනි ශිලාලිපි කියවීම හරහා. 36 වැනි ශීලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "POLONNARUVA: SLAB-INSCRIPTION OF SAHASA-MALLA" ලෙස නම් කරපු පුවරු ලිපිය. එම ලිපියේ සඳහන් වන්නේ සාහසමල්ල රජතුමා පැවත එන්නේ ඔක්කාක රාජපරපුරෙන් කියන කාරණය. ඒ සෙල්ලිපිය මෙන්න මේ ආකාරයට දැක්වෙනවා.
එහි ඉංග්‍රීසි පරිවර්තනය මේ ආකාරයට අන්තර්ගත වෙනවා එම පොතේ.
අපිට මේ වෙනකොට ලැබිලා තියෙන ඓතිහාසික
මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර වලට අනුව, සාහසමල්ල රජතුමා කියලා කියන්නේ මෙරට රාජ
පරපුරකට අයිති වුණු රජ කෙනෙක්. එහෙනම් ඒ අනුව නැවත වාරයක් අපිට සනාථ වෙනවා, ඔක්කාක කියලා කියන්නේ
මෙරට පැවත ආපු රාජ පරපුරක් තියෙන කාරණය.
ඒත් එක්කම ඊළඟ සාක්ෂිය මට ලැබෙනවා එම ග්‍රන්ථ මාලාවේම තුන්වන කාණ්ඩයේ අටවන ශිලාලිපි කියවීම හරහා. අටවන ශිලාලේඛන කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "A FRAGMENTARY INSCRIPTION ON A PILLAR DISCOVERED NEAR THE JAFFNA ROAD ANURADHAPURA" ලෙස නම් කරපු ශිලා ලිපියේ. එම ලිපියේ සඳහන් වෙන්නේ පස්වන දප්පුල රජතුමා පැවත එන්නේ ඔක්කාක රාජ පරපුරෙන් කියලා. මේ විදියට තමයි සෙල්ලිපියේ සඳහන් වෙන්නේ.
එම සෙල්ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය මේ ආකාරයට දැක්වෙනවා.
අපි දන්නවා ඓතිහාසික මූලාශ්‍ර වලට සහ
පුරාවිද්‍යා මූලාශ්‍ර වලට අනුව, පස්වන දප්පුල
රජතුමා පැවතෙන්නෙත් මේ රටේ රාජ පරපුරකට අදාලව කියන කාරණය. එහෙනම් ඒ අනුව නැවත
වාරයක් තහවුරු වෙනවා මේ ඔක්කාක කියලා කියන්නේ මෙරට පැවත ආපු රාජ පරම්පරාවක්ය කියන
කාරණය.
මේ සෙල්ලිපියේ පරිවර්තනය සම්බන්ධව මට විශේෂ කාරණයක් මෙතනදි සඳහන් කරන්න ඕනේ. මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා මෙරට පැවත ආපු ඔක්කාක රාජවංශය කියලා කියන්නේ, ඉන්දියාවේ පැවති බව කියන ඉක්ස්වාකු රාජවංශයමයි කියලා මෙතනදී සටහනක් යොදලා තියෙනවා. වරහන් ඇතුලේ දාලා තියෙනවා "ඉක්ස්වාකු" කියලා කියන්නේ ඔක්කාක කියන, ඔකාවස් කියන සිංහල වචනයේ තේරුමම දෙන තවත් වචනයක් විදිහට. මෙම ග්‍රන්ථය සම්පාදනය කරපු කාලේ, ඒ කියන්නේ 1928 ත් 1933 ත් කියන කාලවකවානුවේ වැඩ කරපු පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ සහායකයකු ලෙස කටයුතු කරන්නේ අපි කවුරුත් හොඳින් අඳුරන සෙනරත් පරණවිතාන මහත්මයා.

ඔහු ඒ කාලේදී කටයුතු කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පාඨශාලා ආචාර්යවරයෙකු විදිහට. එතනදී එතුමන් විසින් තමයි මේ සම්බන්ධතාවය දක්වන්නේ, ඔකාවස් කියලා කියන්නේ ඉන්දියාවේ හින්දු පරපුරකින් පැවත එන ඉක්ස්වාකු කියන රාජ පරම්පරාවම තමයි කියන කාරණය. ඇත්තටම මෙහෙම සිදු කරන්න හේතුවක් විය හැක්කේ එවකට යටත් විජිත පාලනය තුළ රාජකාරී කටයුතු සිද්ධ කරපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දඹදිව කියලා කියන්නේ ඉන්දියාව යැයි ඇති කරගත්ත වැරදි උපකල්පනය අනුව ගවේෂණ කටයුතු කරලා තිබීමයි. එහෙම ඉන්දියාව තුළ ගවේෂණ කටයුතු සිද්ධ කරන අතරතුරදී කිසිම අවස්ථාවකදී ඒගොල්ලන්ට ඔක්කාක රාජවංශයක් පිළිබඳව ඉඟියක් ලැබිලා නැහැ, ඒ නිසා උච්චාරණය අනුව සමානතාවයක් දක්වන ඉක්ස්වාකු කියන හින්දු ආගමට අයිති වුණු රාජවංශයක් ඔක්කාක රාජවංශය ලෙස ඒගොල්ලෝ ගළපගෙන තියෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්දියාව කියලා කියන්නේ දඹදිව විදිහට තීරණය කරාට පස්සේ පැහැදිලිවම දඹදිව ඔක්කාක රාජවංශයක් තිබිය යුතුයි. එහෙමනම් ඒ උපකල්පනය මත ඉඳලා තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මේ ඔක්කාක කියලා කියන්නේ ඉක්ස්වාකු කියලා ඉන්දියාවේ පැවත ආපු රාජවංශය කියන කාරණය. මෙතනදී සෙනරත් පරණවිතාන මහත්මයා ඒ සම්බන්ධව Foot note එකක් (පාදසටහනකුත්) යොදලා තියෙනවා "Okāvas is here taken as equivalent to Iksvāku" කියලා.

ඒ කියන්නේ ඔකාවස් කියලා ලංකාවේ හම්බවුණු
ඔක්කාක රාජ පරම්පරාව ඉන්දියාවේ හම්බවුණු හින්දු රාජ පරම්පරාවක් වන ඉක්ස්වාකු කියන රාජ
පරම්පරාවට සමානයි කියලා, මෙතනදි ඔහු
විසින් තීරණය කරලා තියෙනවා. ඒක තමයි මේ පාද සටහනෙන් දක්වලා තියෙන්නේ.
නමුත් මම සිද්ධ කරපු ගවේෂණය තුළ මට ලැබුණා යම් යම් හෝඩුවාවල් කිහිපයක්. පළවෙනි කාරණය තමයි මේ ඉක්ස්වාකු රාජ පරම්පරාව ඉන්දියාවේ ආරම්භ වුණු කාලය සහ මහාවංශයේ ඔක්කාක රාජ පරම්පරාව ආරම්භ වූ කාලය අතර සැලකිය යුතු වෙනසක් තියෙනවා. තව කාරණයක් තමයි මහාවංශයට අනුව ඔක්කාක රාජවංශය ආරම්භ වන්නේ මඛාදේව රාජ වංශයෙන්. නමුත් ඉන්දියාවේ පැවත එන ඉක්ස්වාකු කියලා කියන්නේ "සූර්යවංශ" නමින් හඳුන්වපු හින්දු ආගමට අයිති වුණු පරපුරකින් පැවත ආපු වංශයක්. ඊටත් අමතරව වඩාත් වැදගත් සාධකය තමයි, ඉන්දියාවේ පැවත ආපු මේ හින්දු ආගමට අයිති වුණු ඉක්ස්වාකු කියලා කියන්නේ සැබවින්ම මහාවංශයේ සඳහන් වන ඔක්කාක රාජ පරම්පරාව නම්, ඔක්කාක රජුගේ සහ ඔහුගෙන් පසු පැවත එන රජවරුන්ගේ රාජ නාමාවලිය, ඉක්ස්වාකු පරපුරේ නාමාවලියත් එක්ක ගැළපීමක් තිබිය යුතුයි. මම මේ අවස්ථාවේදී ඔබට පෙන්වන්නම්. මෙන්න මේ කොටස මම අන්තර්ජාලය ඔස්සේ තමයි හොයාගත්තේ, ඉක්ස්වාකු රාජ පරම්පරාවේ රාජනාමාවලිය.
මෙහි තියෙන නාමයන් මහාවංශයේ සඳහන් වන ඔක්කාක
රාජ පරම්පරාවේ නාමයන් සමඟ කිසිදු ගැළපීමක් සිද්ධ වෙන්නේ නෑ කියන කාරණයත් මේ
අවස්ථාවේදී මම ඔබට මතක් කරන්න අවශ්‍යයි. ඉන්දියාවේ පැවත ආපු මේ ඉක්ස්වාකු යනු, සැබවින්ම මහාවංශයේ
සඳහන් ඔක්කාක රාජ පරම්පරාවයැයි උපකල්පනය කොට, ඉන්දියාව තුළ ගවේෂණ කටයුතු ආරම්භ කරලා
අවුරුදු 80කට පමණ පසු කාලයකදී තමයි ශ්‍රී ලංකාවෙන් ඔක්කාක රාජවංශය සම්බන්ධ
සෙල්ලිපි හම්බවෙන්නේ. මේ හමුවීම යටත් විජිත පුරාවිද්‍යා නිලධාරීන් බලාපොරොත්තු
නොවූ දෙයක් වෙන්න පුළුවන්. ඒ වනවිට දඹදිව ලෙස සලකපු ඉන්දියාවේ ඔක්කාක කුලය ලෙස
උපකල්පනය කරපු, ඉක්ස්වාකු
කියන කුලයත් මෙරටින් හම්බ වුණු ඔක්කාක කුලයත් එකම රාජපරපුරක් ලෙස සැලකීමෙන් තොරව, මෙරට හමවුණු ඔක්කාක
කුලය ගැන අර්ථ නිරූපණය කරන්න නොහැකිවීම මත මෙය සිද්ධ වුණා කියන දේ තමයි මට ගම්‍ය
වෙන්නේ. මේ ආකාරයටම ඇති කරගත් වැරදි උපකල්පන මත, ශිලා ලේඛන වලදී දඹදිව ලෙස සටහන් වුණු ස්ථාන
ඉන්දියාව ලෙස වෙනස් කරලා පරිවර්තනය කරපු අවස්ථා කිහිපයක්ම මට මේ ගවේෂණය තුළදී හම්බ
වුණා.
ඒ කියන කාරණෙත් එක්කම මම නැවතත් ඔක්කාක රාජවංශය මෙරට ස්ථාපිත වුණු රාජවංශයක්ය කියන දේ සම්බන්ධව මට හම්බවුණු සාක්ෂි වලට නැවත එන්නම්. ඊළඟ සාක්ෂිය මට හම්බවුණා "EPIGRAPHIA ZEYLANICA" නැමති ග්‍රන්ථමාලාවේ තුන්වන කාණ්ඩයේ හතරවැනි ශිලාලිපි කියවීම හරහා. 4 වැනි ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "BADULLA PILLAR INSCRIPTION" ලෙස නම් කරපු ටැම් ලිපිය. ඒ ටැම් ලිපියේ සඳහන් වෙන්නේ, තුන්වන උදය රජතුමා පැවතෙන්නේ ඔක්කාක රාජ පරපුරෙන් කියන කාරණය. මේ සඳහන් වෙන්නේ එම සෙල්ලිපිය.
මෙහි
ඉංග්‍රීසි පරිවර්තනය තමයි මේ තියෙන්නේ.
අපි දන්නවා ඓතිහාසික මූලාශ්‍ර වලට සහ
පුරාවිද්‍යා මූලාශ්‍ර වලට අනුව, තුන්වන උදය
රජතුමා මෙරටේ රාජ පරපුරකට අයිති වෙනවා කියන කාරණය. එහෙම නම් ඔක්කාක කියලා කියන්නේ
මෙරට පැවත ආපු රාජ පරම්පරාවක් බව නැවත වාරයක් අපිට සනාථ කරගන්න පුළුවන්කමක්
ලැබෙනවා.
ඒත් එක්කම එම ග්‍රන්ථ මාලාවේම තුන්වන කාණ්ඩයේ දහවැනි ශිලා ලේඛන කියවීම මට ඊළඟට හම්බ වෙනවා සාක්ෂියක් විදිහට. 10 වැනි ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ "GIRITALE PILLAR INSCRIPTION" ලෙස නම් කරපු ටැම් ලිපිය. එම ලිපියේ සඳහන් වෙන්නේ දෙවන උදය රජතුමා පැවතෙන්නේ ඔක්කාක රාජ පරපුරෙන් කියන කාරණය. අපි ඉස්සෙල්ලා කතාකළේ තුන්වන උදය රජතුමා සම්බන්ධව. දැන් කතා කරන්නේ දෙවන උදය රජතුමා සම්බන්ධව. මේ එම ශිලා ලේඛනය.
මෙහි ඉංග්‍රීසි පරිවර්තනය මේ ආකාරයට දැක්වෙනවා.
අපි දන්නවා ඓතිහාසික මූලාශ්‍ර වලට සහ
පුරාවිද්‍යා මූලාශ්‍ර වලට අනුව මේ දෙවන උදය රජතුමාත් මෙරටේ රාජ පරපුරකට අයිතියි
කියන කාරණාව. එහෙමනම් ඔක්කාක රාජ පරපුර මෙරට පැවත ආපු රාජ පරම්පරාවක් බව නැවත
නැවතත් අපට සනාථ වෙනවා.
ඒත් එක්කම ඊළඟ සාක්ෂිය මට ලැබුණා "EPIGRAPHIA ZEYLANICA" නැමති ග්‍රන්ථමාලාවේම සිව්වෙනි කාණ්ඩයේ අටවැනි ශිලාලිපි කියවීම හරහා. 8 වැනි ශිලාලේඛන කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ POLONNARUWA PILLAR INSCRIPTION OF MAHINDA V ලෙස නම් කරපු ටැම් ලිපිය. එම ටැම් ලිපියේ සඳහන් වන්නේ පස්වන මහින්ද රජතුමා පැවත එන්නේ ඔක්කාක රාජ පරපුරෙන් කියන කාරණය. මේ සඳහන් වෙන්නේ එම සෙල්ලිපිය.
එහි ඉංග්‍රීසි පරිවර්තනය මේ ආකාරයෙන් දැක්වෙනවා.
අපි මේ වෙනකොටත් දන්නවා පුරාවිද්‍යා මූලාශ්‍ර
වලට සහ ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව, අනුරාධපුර
යුගයේ අවසන් පාලකයා වුණු මේ පස්වන මහින්ද රජතුමා, මේ රටේ රාජ පරපුරකට අයිති රජ කෙනෙක්ය කියන
කාරණය සම්බන්ධව. එහෙමනම් ඒ මගිනුත් නැවත වරත් තහවුරු වෙනවා, ඔක්කාක කියලා කියන්නේ
මේ රටේ ස්ථාපිත වුණු රාජ පරම්පරාවක්ය කියන කාරණය සම්බන්ධව.
No comments:
Post a Comment