ඔබගේ ප්‍රශ්නයට කෙටියෙන් පිළිතුරු දෙනවනම් පාඨලීපුත්‍රය
කියලා කියන්නේ වර්තමාන පොළොන්නරුවට.
මම හිතන්නෙ කෙටි පිළිතුරකින් හමාර කරන වට වඩා වටිනවා එය
නිශ්චය කරගත් ආකාරය සමග උත්තරයක් ලබා දෙන එක.
අපගේ අධ්‍යයනයට අනුව හොයාගත්තා මගධ ජනපදයත් වජ්ජි
ජනපදයත් ගඟකින් වෙන් වෙනවා කියලා. ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු අපි මේ වෙනකොටත්
ඉදිරිපත් කරලා තියෙන වීඩියෝ නරඹලා ඔබට අවබෝධයක් ලබා ගන්න පුලුවන්.
නමුත් අද වැඩසටහනට ප්‍රවිශ්ටයක් විදියට මම මෙතනින් පටං ගන්නම්.
ත්‍රිපිටක අටුවාවේ චූළගොපාලක සූත්‍ර වර්ණනා වේ මෙසේ සඳහන් වේ.
සිංහල පරිවර්තනය :
මාගධකො මගධරට වැසි, දුප්පඤ්ඤ ජාතිකො නුවණ නැති, අන්‍ධ වූ, මහද් ජඩ වූ ස්වභාව ඇති, අසමපෙක්ඛිත්‍වා නොසලකා නොවිමසා, පතාරෙසි එතෙර කරවන්ට පටන් ගත්තේය. උත්තර තීරං සුචිදෙහානං
ගංගාවෙන් මෙතෙර මගධ රටය. එතෙර විදේහ රටය. ගවයන් මගධ
රටින් විදේහ රටට පමුණුවා රක්නෙමියි උතුරු තෙරට (තරණය) එගොඩ කරන්නට පටන් ගත්තේය. ඒ සඳහා උත්තරං තීරං සුවි දෙහානං යන්න වදාරන ලදී.
මේ සම්බන්ධව කරපු අධ්‍යයනයෙන් අපි හොයා ගත්තා මේ සඳහන් කරලා තියෙන්නේ අඹන් ගඟ කියන කාරණාවත්.
ත්‍රිපිටක අටුවාවේ සුත්ත අට්ඨකථා හී දීඝ නිකාය අට්ඨකථා
වල මහාවග්ගට්ඨකථා හී එන මහා පරිනිබ්බාන සුත්තවණ්ණනාවේ
මෙසේ සඳහන් වේ.
ගඟ
ආශ්‍රිත එක් පටුන් ගමකට අයත් අඩයොදුනක ප්‍රමාණයේ අජාසත් රජුගේ අණසකය. අඩයොදුනක්
ලිච්ඡවී රජවරුන්ගේය. මෙහි වනාහි අණ පවතින තැනය යන අර්ථයි. එහිද පර්වත පාදයෙන් බොහෝ
වටිනා සුවඳ බඩු මතුවෙයි.
මෙතන සඳහන් කරලා තියෙන්නේ අඹන් ගඟ ඉවුරට යාබදව පිහිටා ඇති පර්වතයක් පාමුල පිහිටි ස්ථානයක භාණ්ඩ ගොඩ බා ඇති බවයි. මෙම ස්ථානය රජගහනුවරට වඩා වේසාලි පුරයට ළඟින් පිහිටි ස්ථානයක් බව ඒ අනුව වැටහෙනවා.
මෙතනදි තව කාරණයක් මතක් කරන්න ඕනේ. මෙහි සිංහල පරිවර්තනයේ සඳහන් කරලා තියෙන්නේ ‘බොහෝ වටිනා සුවඳ බඩු මතුවෙයි’ කියලා උනාට පාලියෙන් සඳහන් කරලා තියෙන්නේ ‘මහග්ඝ භණ්ඩං ඔතරති’ කියලා එහි නිවැරදි අදහස ‘ඉතා අනර්ග බඩු ගොඩ බෑව’ කියන අදහස.
මේ බඩු ගොඩබාපු ස්ථානය ගැනත් සඳහනක් කරන්නම්. එම ස්ථානය
පිහිටලා තියෙන්නේ වර්තමානයේ දී ඔරුබැඳී සියඹලාව ලෙස හඳුන්වන ප්‍රදේශයේ අඹන් ගඟ ඉවුරේ.
ත්‍රිපිටක අටුවාවේ තවදුරටත් මේ විදියට සටහන් වෙනවා.
ඒ
අසා අද යමි. හෙට යමියි අජාත සත්තගේ පිරිස සූදානම් වෙද්දී ලිච්ඡවී රජවරු සමගිව
සතුටුව පළමුව ගොස් සියල්ල ගනිත්. අජාසත් පසුව අවුත් ඒ පුවත දැනගෙන කිපී යයි. ඔවුහු
නැවතත් වර්ෂයක්ම එසේ කරත්. ඉක්බිති ඔහු බලවත් ලෙස කෝපයට පත්වූයේ එවිට මෙසේ කළේය.
ඒ අනුව පැහැදිලි වෙනවා එම ප්‍රදේශයට ගොඩ බාන භාණ්ඩ සැම විටම එම ස්ථානයට පළමුව පැමිණෙන වජ්ජින් විසින් රැගෙන යන බවත් ඉන් අජාසත්ත රජු කෝප වූ බවත්.
ඒ අනුව තමයි අඹන්ගඟ දිගේ වජ්ජි දේශයට භාණ්ඩ ලැබෙන්න
කලින් මගධයට අයත් ප්‍රදේශයක පුටභේදනයක් නිර්මාණය කරන්න අජාසත්ත රජතුමා තීරණය
කරන්නේ. පූට භේදනය කියන්නේ වෙලෙන්දන් තමන්ගේ බඩු පොදි ලිහන ස්ථානයට. මගධ රටට අයත්
වූ ප්‍රදේශයක ගංගා නදිය ආසන්නයේ බඩු පොදි ලිහන ස්ථානයකට ඇත්තේ වර්තමාන පොලොන්නරුව
ප්‍රදේශයයි. ඒ අනුව එකළ මගට රාජධානියට අයත්ව තිබූ වර්තමානයේ පොළොන්නරුව ලෙස
හඳුන්වන ප්‍රදේශය ඒ සඳහා තෝරාගත් බවට සාක්ෂි තිබෙනවා.
මුහුදේ සිට පරාක්‍රම සමුද්‍රයට නාවික ගමනාගමනයක් පැවති
බවට සාධක පවතින බව නිදහස් පර්යේෂකයෙකු වන ඉන්දික මානවඩු මහතා ප්‍රසාද් කුමාර මහතා
සමග කළ සාකච්ඡාවක දී පවසා තිබෙනවා. ඔබටත් මේ සම්බන්ධට උනන්දුවක් තියෙනවනම් ඒ
වීඩියෝව නරඹන්න පුලුවන්.
පාටලීපුත්‍රය පිළිබඳව ත්‍රිපිටකයේ විශේෂ සඳහනක් තිබෙනවා.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා වග්ගෝ හී එන මහා පරිණිර්වාන සූත්‍රයේ පාටලිපුත්තනගරමාපනං හි මෙසේ
සඳහන් වේ.
සිංහල පරිවර්තනය :
28. “අනඳයෙනි, තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට මවන්නාක් මෙන් මගදමහමැති සුනීධ -
වස්සකාර දෙ බමුණෝ වැදෑවන් පිළිබහනුවට (වැදෑරජුන්ගේ අයමුඛ වසනු සඳහා) පළොල්ගමැ
නුවරක් මවත්. අනඳයෙනි, මෙහි මම් මිනිසැස් ඉක්මි පිරිසිදු
දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා බොහෝ දහස් දහස් ගණන් දේවතාවන් දිටිමි. යම්
පෙදෙසෙකැ මහ තෙදැති දේවතාවෝ ගෙවතු අරක්ගනිත් ද, එහි
නිවෙස් මවන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම්
තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට
මැදුම් තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ
ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට හීන තෙදැති
රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. ආර්‍ය්‍යන්ගේ ආයතනය (රැස්වෙන තැන) යම්තාක් ද,
වණික්පථය (ගනුදෙනු කරන වෙළෙඳුන් වසන තැන) යම්තාක් ද ඔවුනතුරෙන් මේ
පැළලුප් නුවර (නොයෙක් රටින් ගෙනෙන වෙළෙඳ) බඩුපොදි ලිහා තබන අග්‍ර නගරය වන්නේ ය.
අනඳයෙනි, මේ පැළලුප්නුවරට ගින්නෙන් හෝ,
දියෙන් හෝ, අන්‍යෝන්‍යය භේදයෙන් හෝ
(තුන් පරිද්දෙකින්) අන්තරාය තුනෙක් වන්නේ යැ” යි වදාළ
සේක.
බුදුන් වහන්සේ පැවසූ ආකාරයටම එය පසු කාලයක දී අගනගරය බවට පත්වී ඇත. ඊට අමතරව පොළොන්නරුව නගරය මේ වන විට ආක්‍රමණ වලින් හා ගින්නෙන් පරිහාණියට පත් වී ඇත.
ඒ අනුව පාඨලීපූත්‍රය යනු පොලොන්නරුව ලෙස වටහාගත හැකිය.
No comments:
Post a Comment