බුදුන් ඇතුලු සංඝයාට ගල්ලෙන් පූජා කිරීමේ කටයුතු
බුදුරදුන්ගේ ජීවමාන කාලයේ දී ආරම්භ වී ඇති බවට පුරාවිද්‍යා සාක්ෂි අනුව පෙනීයයි.
කඳු බෑවුම් හි පිහිටි ගල්ලෙන් තුළ විශාල වශයෙන් වාසය කොට ඇත්තේ යක්ඛ ප්‍රජාව
බැවින් යක්ඛ හෙළයන් බහුතරයක් විසින් බුදුරදුන් සහ සංඝයා උදෙසා ගල්ලෙන් පූජා කර ඇත. නාග හෙළයට අයත් සීමිත රජවරු ප්‍රමාණයක්
ගල්ලෙන් ආශ්‍රිතව විහාරාරාම කරවා ඇති බව ද පෙනී යයි.
සාපේක්ෂව දියුණු සංස්කෘතියකට හිමිකම් කියූ දේව හෙළයන් ‘ජනපද සංකල්පය’ යටතේ කණ්ඩායම් ලෙස එක්රැස්වී වනගත නොවූ තැනිතලා ප්‍රදේශවල වාසස්ථාන ගොඩ නගා ගෙන ඇත. දේව හෙළයට අයත් රජවරුන් හා ප්‍රභූ පන්තියට
අයත් පිරිස, කළු ගල් සහ ගඩොල් ආධාරයෙන් තම ජනපද වලට ආසන්නව තෝරාගත් ප්‍රදේශයන්හි ආරාම හෝ ආරාම සංකීර්ණ ඉදිකොට පූජා කර ඇති බව, ඉතිහාසය විමසිලිමත් ව හැදෑරීමේ දී වැටහේ.
එනමුදු දේව හෙළයන් විසින් ගල්ලෙන් ආශ්‍රිතව ඉදිකළ එකම එක ආරාමයක්
පිළිබඳ පුරාවිද්යා සාධක මේ වන විට සොයාගෙන තිබේ. කොසොල් රජුගේ පුත් විඩූඩහ කුමරාගෙන් බේරී සිටීම සඳහා දඹදිව හැරගිය අමිතෝදන
රජතුමාගෙන් පැවත හා ශාක්‍ය පරම්පරාව මූලික වී, බුදුරදුන් ඇතුළු
සංඝයාට පූජා කළ දීඝවාපියට ආසන්නව පිහිටි ශාක්‍යවංශ විහාරය තනවා ඇත්තේ ගල්ලෙන් ආශ්‍රිතව
යි.
බොහෝ දුරට මේ වෙනස්කම් සඳහා හේතුව වී ඇත්තේ
ඔවුන්ගේ
ජීවන
රටාව
හා
සංස්කෘතිය
බව
පැහැදිලි
වේ.
කුම්භාණ්ඩ
හෙළයන්ගේ
පූජා
කටයුතු
සම්බන්ධව
කිසිදු
සාධකයක්
මේ
වන
තෙක්
හමු
වී
නොමැති
අතර,
ගන්දබ්බ
හෙළයන්
හෙවත්
ගාන්ධර්වයන්
සැමවිටම
දේව
හෙළයන්
සමග
සම්බන්ධ
වී
සිටි
නිසා
ඔවුන්
දේව
හෙළයන්
සමඟ
එක්
වී
කටයුතු
කරන්නට
ඇතැයි
සිතිය
හැකිය.
ශාක්‍යවංශ විහාරයේ ඇති ගල්ලෙන් හැරුණු කොට හෙළදීපය
පුරාවට හමුවෙන අනෙකුත් ගල්ලෙන් ආශ්‍රිතව හමුවන සෙල්ලිපි, යක්ඛ හෝ නාග හෙළයට අයත් රජවරුන් හෝ ඔවුන්ගේ
සමීපතමයන් විසින් කරවා ඇති බව පෙනී යයි. ගල්ලෙන්
බුදු
සසුනට
පිදීමේ
කටයුත්ත
සිදුකර
ඇත්තේ
බුදුන්
ජීවමානව
වැඩ
සිටි
කාලයේ
දී
සහ මිහිඳු හිමියන් හෙළදිවට
ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කළ කාලයේ දී පමණි. ඉන් පසු කාලයේදී ගල්ලෙන් පිදූ බවට සාධක හමු වී නොමැත. බුදුන්ගේ පරිනිර්වාණයට සමකාලීනව අනුරාධපුරය රාජධානියක් ලෙස වර්ධනය වීම මෙයට හේතු වූවා විය හැකිය.
දැනට සොයාගෙන ඇති ගල්ලෙන්වල සටහන් කොට ඇති සෙල්ලිපි රාශියක ‘පරුමක’ යන වචනය
දක්නට ලැබේ. මෙහි අදහස ‘ප්රමුඛ’
යන්න බව විද්වතුන්ගේ මතයයි. එකල පැවැති යක්ඛ
හෙළයට හෝ නාග හෙළයට අයත් ජන සමාජයේ මූලිකත්වය ගෙන කටයුතු කළ එම සමාජයට සාපේක්ෂව ප්‍රභූත්වය
හිමිවූ අයවලුන් මෙසේ හඳුන්වා ඇති බව පැහැදිලි වේ. යම් යම්
අවස්ථාවන් වලදී කුඩා ප්‍රදේශ පාලනය කළ රජවරුන් මෙන්ම මහරජවරුන් යටතේ පරිපාලන කටයුතු
සඳහා සම්බන්ධ වූ යක්ඛ හෝ නාග හෙළයන්ට අයත් වූ නිලධාරීන් ද පරුමක යන නාමයෙන් හඳුන්වා
ඇත.
සංඝයාට පූජාකරන ලද හෙළදීපයට අයත් කඳු බෑවුම් තුල පිහිටා ඇති ගල් ලෙන් වල ඒ බව සටහන් කොට ඇත්තේ හෙළදීපයේ ව්‍යවහාර වු
භාෂාවෙන් නොවේ. ඒ පිළිබඳව නොයෙකුත් අදහස් ඉදිරිපත් කර ඇති නමුත් මා හට හැඟී යන්නේ
භාවනා යොගීව සිටීමට අදිටන් කොට වනයට
පිවිසෙන සංඝයා වහන්සේලාට සුදුසු ස්ථානයක් තෝරා ගැණීමට පහසුවන පරිද්දෙන් සංඝයා
වහන්සේලා දැන සිටි භාෂාවෙන් එම පූජකිරීම සම්බන්ධව සටහන් යොදා ඇති බවයි. මේ සඳහා
බෙහෝ විට දඹදිවින් ගල්වඩුවත් ගෙන්වා ගත්තා විය හැකිය. නො එසේ නම් එම භාෂාව දන්නා
ගල්වඩුවන් හෙළදිව සිටියා විය හැකිය.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන අන්දමට හෙළ බෑවුම් වල
පිහිටි වනාන්තර තුළ ගල්ලෙන් ආශ්‍රිතව වාසය කළ හෙළයන් පසුකාලීනව ක්‍රමයෙන් තැනිතලා
ප්‍රදේශ වලට පැමිණ නිවාස තැනීම ආරම්භ කර ඇත.
මුහුදු වරායන් සියල්ලම පිහිටා තිබෙන්නේ හෙළදිව හෙවත්
සිව්හෙළය ට අයත් භූමිය තුළයි. එම නිසා දේශාටනයේ යෙදුනු විදේශ නාවිකයන් ගොඩබැස
තිබෙන්නේ හෙලදිව හෙවත් සිව් හෙලයට අයත් ප්‍රදේශවල පිහිටි වරායන් වෙතයි. ඒ හේතුව
නිසා ඔවුන් මේ සම්පූර්ණ දූපතම සිව්හෙළය ලෙස හඳුන්වා ඇත.
විදේශිකයන්, ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා ‘සෙරන්ඩිබ්’ (SERENDIB) යන නාමය යොදාගෙන ඇත. ‘සිවුහෙළයන්ගේ දීපය’ යන අදහස ඇතිව ‘සිව්හෙළන්දීප්’ යන වචනය සිව්හෙළන්දීප් > සිළෙන් දීප් > සිළන්දීප් > සිරන්ඩිබ් ලෙස වෙනස් වී ඇති බව අරිසෙන් අහුබුදු ශූරීන් සඳහන් කර ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාව
ලෙස හැඳින්වූවද අප ජීවත් වන මෙම දූපත් රාජ්‍යය වර්ෂ 1972 ට පෙර කාලවකවානුවේදී හඳුන්වන ලද්දේ සිලෝන් (CEYLON) යන නාමයෙනි. ඒ ඉංග්‍රීසීන්ගේ
යටත් විජිතයක්ව පැවති කාලයේදී මෙම දූපත හැඳින්වීමට ඔවුන් භාවිතාකල නාමය සිලෝන් (CEYLON)
වූ හෙයිනි. ඉංග්‍රීසි ජාතිකයින් පමණක් නොව ඔවුන්ට පෙර මෙම දූපත
අර්ධ වශයෙන් යටත් කරගෙන සිටි ලන්දේසි ජාතිකයින් මෙන්ම පෘතුගීසි ජාතිකයින් ද මෙම
දූපත හඳුන්වා ඇත්තේ සිලෝන් (CEYLON) යන නාමයෙනි.
‘සිව්හෙළය’ යන නම විදේශීය ජාතීන්ගේ භාෂාවල උච්චාරණ විධි සමග වෙනස් වී සිව්හෙළය > සෙව්-ලේ > සෙයිලෑන් (Seylan) යන නම ද එම නාමයෙන් බිඳී සිලෝන් (CEYLON) යන නම ද ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා අතීතයේ භාවිතා කළ බව ඉතිහාස ගවේෂකයන් පෙන්වා දෙයි.
කර්තෘ සටහන්
වර්තමානයේ ඇතැම්දෙනා සිව්හෙළය යනු යක්ෂ, නාග, දේව, රාක්ෂ යන හෙළයන්ගේ එකතුව ලෙස අර්ථ දක්වයි. නමුත්
පුරාණ ශ්‍රී ලංකාවේ දේව, නාග, යක්ඛ, කුම්භාණ්ඩ, ගන්ධබ්බ (ගාන්ධර්ව) ලෙස වෙන්වූ කොටස් හතරකට වඩා
සිටි බවට සාක්ෂි ලැබේ. එම නිසා සිව්හෙළය යනු යක්ෂ, නාග, දේව, රාක්ෂ යන කොටස් හතර නිසා ලද නාමයක් බව පිළිගැනීමට
වඩා අනෝතත්ත විලෙන් පටන් ගත් සිව්මහා ගංගාවන්ගෙන් හෙළදීපය කොටස් හතරකට කැඩීම නිසා
සිව්හෙළය ලෙස හැඳින්වූ බව පිළිගත හැකිය.
දේව ජනයා හෙළයන් ලෙස පිළිගැනෙන්නේ ද නැත.