පළමුවන සාක්ෂිය
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 19 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති පොලොන්නරුවේ කළා ක්‍රීඩා විනෝද
ගල් අස්න නැමැති ශිලා ලේඛනයෙහි (POLONNARUVA : KALA-KRIDA-VINODA-GAL-ASANA
INSCRIPTION) සදහන් වන්නේ නිශ්ශංකමල්ල රජතුමා විසින් දඹදිව හා
ලක්දිව යන දෙරටේම දානශාලා ස්ථාපිත කළ බවට වූ සටහනකි.
මෙහි ඉංග්‍රීසි පරිවර්තනය පහත දැක්වේ.
නිශ්ශංකමල්ල රජතුමා ඉන්දියාවේ හෝ භාරත දේශයේ දාන ශාලා
ඉදිකළ බවට කිසිදු පුරාවිද්‍යා සාධකයක් හමුවී නොමැත. ඒ අනුවද දඹදිව යනු මෙරට පිහිටා තිබූ ප්‍රදේශයක් බව වටහා
ගත හැකිය.
දෙවන සාක්ෂිය
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 18 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති NISSANKA DANA-VINODA-MANDAPA
INSCRIPTION ලෙස නම් කළ සෙල්ලිපියේ සදහන් වන්නේ නිශ්ශංක මල්ල
රජතුමා විසින් දඹදිවට අයත් වූ නොයෙක් දිශාවලින් පැමිණි අයට සහ
තමන් පාලනය කළ දේශයෙන් පැමිණි අයට දන් දුන් බවයි.
කර්තෘ සටහන්
මෙම ඉංග්‍රීසි පරිවර්තයේ දී දඹදිව යනු ඉන්දියාව යැයි කළ අනුමානය මත
සෙල්ලිපියේ සඳහන් කොට නොමැති ‘ඉන්දියා’ යන වචනය ඉංග්‍රීසි පිටපතෙහි ඇතුලත් කොට ඇත.
ඓතිහාසික මූලාශ්‍ර වලට මෙන්ම පුරාවිද්‍යා මූලාශ්‍ර වලට
හෝ කිසිදු සාහිත්‍ය මූලාශයකට ද අදාලව ඉන්දියාවේ වාසය කළ ජනයා නිශ්ශංක මල්ල රජුගෙන් දානය ලබා ගැණීම සඳහා මෙරටට පැමිණ නොමැත.
ඒ අනුවද තහවුරු වන්නේ දඹදිව යනු මෙම දේශය තුළ පිහිටා
තිබූ ප්‍රදේශයක් බවයි.
තෙවන සාක්ෂිය
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 06 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති මැදිරිගිරිය ටැම්ලිපියේ (MADIRIGIRIYA PILLAR-INSCRIPTION)
සදහන් වන්නේ පස්වන කාශ්‍යප රජතුමාගේ පියා වන දෙවන සේන (සිරි සඟබෝ) රජු දඹදිව පාලකයා වූ බවයි.
අප හොදාකාරවම දන්නා පරිදි පුරාවිද්‍යා මූලාශ්‍ර සහ සාහිත්‍ය මූලාශ්‍ර වලට අනුව දෙවන සේන රජු යනු මෙරට ජන්මය ලැබූ මෙහිම රජකම් කළ රජකෙනෙකි. ඒ අනුව දඹදිව යනු පුරාණ ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රදේශයක් බව මනාව වැටහේ.
සිව්වන සාක්ෂිය
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි තුන්වන කාණ්ඩයේ 19 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති ගැරඩිගල පර්වත
ලිපියේ සදහන් වන්නේ සිරි සඟබෝ නම් රජතුමා දඹදිව උපත ලබා ඇති බවයි.
අප හොදාකාරවම දන්නා පරිදි පුරාවිද්‍යා මූලාශ්‍ර සහ සාහිත්‍ය මූලාශ්‍ර වලට අනුව සිරි සඟබෝ රජතුමා මෙරට පැවත ආ රජ පෙළපතකට අයත්වේ. එසේ නම් සිරි සඟබෝ රජතුමා උපත ලබා ඇත්තේ දඹදිව ලෙස හඳුන්වනු ලැබූ පුරාණ ශ්‍රී ලංකාවේ කිසියම් ප්‍රදේශයක දී විය යුතුය.
කෙසේ
වෙතත් 'දඹදිව දුනු' යන්නෙන් අදහස් වන්නේ 'දඹදිව ජයග්‍රහනය කළ බව' යැයි සමහර පුරාවිද්යාඥයින්ගේ
මතය වී ඇත. එම මතය නිවැරදි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙම ශිලා ලේඛණයේ අන්තර්ගතය
පිළිබඳව ‘EPIGRAPHIA ZEYLANICA’
නැමැති ග්‍රන්ථයේ තබා ඇති සටහනින් ද තහවුරු වේ.
එසේ ගත් කළ සිරි සඟබෝ රජතුමා දඹදිව රාජ්‍යය දිනාගෙන ඇත. ඉන්දියානු මූලාශ්‍ර අනුව මෙරට රජකම් කළ සිරි සඟබෝ රජතුමා ඉන්දියාව පාලනය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. ඒ අනුවද දඹදිව යනු ඉන්දියාව නොවන බව පැහැදිලි වේ.
කර්තෘ සටහන්
ඒ අනුව මෙහි සඳහන් සිරි සඟබෝ රජතුමා යනු දෙවන සේන
රජු බව පැහැදිලි වේ.
පස්වන සාක්ෂිය
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 14 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති HATA-DA-GE PORTICO SLAB
INSCRIPTION හි සදහන් වන්නේ ප්‍රතිමල්ලවයන් අපේක්ෂා කළ නිශ්ශංකමල්ල
රජතුමා සිව්රඟ සේනාද සමග සමග ගිරිදුර්ග ජලදුර්ග වනදුර්ග හා පංකදුර්ග පසුකරමින් දඹදිව
බලා ගමන් ගත් බවට වූ සටහනකි.
මෙහි ඉංග්‍රීසි පරිවර්තනය පහත දැක්වේ.
සෙල් ලිපියේ සිංහල භාෂාවෙන් සඳහන් කර ඇති දඹදිව යන වචනය
ඉංග්‍රීසි පරිවර්තනයේදී ඉන්දියා ලෙස වෙනස් කර ඇත. ඒ බව පාද සටහනකින් දක්වා තිබිණි.
දැනට පවතින පුරාවිද්‍යා මූලාශ්‍ර සහ සාහිත්‍ය මූලාශ්‍ර
වලට අනුව නිශ්ශංකමල්ල රජතුමා ඉන්දියාව යටත් කරගැණීමට තබා ඉන්දියාවේ සංචාරයකට හෝ
ගොස් නොමැති බව තහවුරු වේ.
කර්තෘ සටහන්
මෙලෙස තම පාලනය යටතේ තිබූ තුන් රජය පැදකුණු කොට වන දුර්ග ගිරිදුර්ග හා ජල
දුර්ග පසුකරමින් ඉන්දියාවට යා හැකි දැයි කල්පනා කොට බලන්න. නමුත් රට අභ්‍යන්තරයේ පිහිටි කඳුකර රාජ්‍යයට
පිවිසීමේදී ඉහත සඳහන් කළ දුර්ග සියල්ලම පසුකිරීමට සිදුවන බව සඳහන් කිරීමට
කැමැත්තෙමි. ඒ අනුව දඹදිව පිහිටා
තිබුනේ කුමන ප්‍රදේශයකදැයි සිහිනුවනින් දකින්න.
වර්තමානයේ ඉන්දියාවට අයත් වී ඇති රාමේෂ්වරම් දූපතේ නිශ්ශංක මල්ල රජතුමා
විසින් පිහිටුවා ඇති සෙල්ලිපිය නිසා නිශ්ශංකමල්ල රජතුමා ඉන්දියාවට ගොස් ඇති බවට එය
සාක්ෂියක් යැයි සමහරුන් කල්පනා කරන බව හැඟේ. නමුත් එම සෙල්ලිපිය පිහිටුවා ඇත්තේ
නිශ්ශංකමල්ල රජතුමා තුන් සිංහලයේ සංචාරය කළ අවස්ථාවේදී බව එම
සෙල්ලිපිය කියැවීමෙන් හැඟී යයි. එවකට හෙළදීපයට අයත්ව තිබූ රාමේෂ්වරම් දූපත මෙන්ම පුන්කුඩුතිව්, මනිනාග, කච්චතිව්, කරෙයිතිව් යන දුපත් වල ද
සංචාරය කොට ඇති බව එම සෙල්ලිපියෙහි දැක්වේ.
Page 23 of EPIGRAPHIA INDICA (VOL 36)
එවකට ඉන්දියාව හා මෙරට වෙන් කරන මුහුදු තීරයේ පිහිටා තිබූ සියලුම දුපත්
මෙරටට අයත් වී ඇති අතර යටත් විජිත යුගයේ ක්‍රියාත්මක කළ සමුද්‍ර නීති අනුව වෙන්ව
පවතින දුපත් ළඟම පිහිටි රටට අයත් යැයි සැලකූ නිසා සමහර දුපත් ඉන්දියාවට අයත් වී ඇත්තේ පසුකාලීනවයි.
හයවන සාක්ෂිය
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි පළමුවන කාණ්ඩයේ 20 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති හතර වන මහින්ද රජුගේ අභයගිරිය පුවරු ලිපියේ දඹදිව පිළිඹදව සටහනක් තබා ඇත.
එහි සඳහන් වන්නේ හතර වන මහින්ද රජතුමා පැවත එන්නේ දඹදිව
පැවත ආ අනිකුත් ක්ෂත්‍රීය කුලයන්ට වඩා උසස් වූ ඔක්කාක කුලයෙන් බවයි. පුරාවිද්‍යා
මූලාශ්‍ර සහ සාහිත්‍ය මූලාශ්‍ර වලට අනුව හතර වන මහින්ද රජතුමා උපත ලබා ඇත්තේ මෙරට වන
අතර මෙරට පැවත ආ
රජ පෙළපතකට අයත් වේ.
තවද දැනට පවතින පුරාවිද්‍යා සාධක සහ මූලාශ්‍ර වලට අනුව හතරවන
මහින්ද රජු ඉන්දියාවේ කිසිදු රාජ පරම්රාවක් සමග මෙවැනි සැසඳීමක් සිදු කොට නොමැත.
ඔක්කාක යනුවෙන් රාජ පරම්පරාවක් ඉන්දියාවේ තිබුණු බවට මෙතෙක් කිසිදු පිලිගත හැකි
මූලාශ්‍රයක් හෝ හමු වී නොමැත. නමුත් ඔක්කාක රාජවංශය පිළිබඳ පුරාවිද්යා සාක්ෂි ශ්‍රී
ලංකා භූමියෙන් මේ වන විට සොයා ගෙන ඇත. ඒ අනුව මෙහි සඳහන් කොට ඇති දඹදිව යනු පුරාණ ශ්‍රී
ලංකාව හෝ මෙම භූමියේ කිසියම් ප්‍රදේශයක් බව තේරුම් ගත හැකි ය.
හත්වන සාක්ෂිය
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි පළමුවන කාණ්ඩයේ 09 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති කීර්ති නිශ්ශංක මල්ල රජුගේ දඹුල්ල ශිලාලිපියේ දඹදිව පිළිඹදව සටහනක් තබා ඇත.
මෙහි ඉංග්‍රීසි පරිවර්තනය පහත දැක්වේ.
එහි සඳහන් වන්නේ නිශ්ශංකමල්ල රජතුමා පැවත එන්නේ දඹදිව
පැවත ආ අනිකුත් ක්ෂත්‍රීය කුලයන්ට වඩා උසස් වූ ඔක්කාක කුලයෙන් බවයි. පුරාවිද්‍යා
මූලාශ්‍ර සහ සාහිත්‍ය මූලාශ්‍ර වලට අනුව නිශ්ශංකමල්ල රජතුමා උපත ලබා ඇත්තේ මෙරට වන
අතර මෙරට පැවත ආ
රජ පෙළපතකට අයත් වේ.
තවද දැනට පවතින පුරාවිද්‍යා සාධක සහ මූලාශ්‍ර වලට අනුව නිශ්ශංකමල්ල
රජු ඉන්දියාවේ කිසිදු රාජ පරම්රාවක් සමග මෙවැනි සැසඳීමක් සිදු කොට නොමැත. ඔක්කාක
යනුවෙන් රාජ පරම්පරාවක් ඉන්දියාවේ තිබුණු බවට මෙතෙක් කිසිදු පිලිගත හැකි මූලාශ්‍රයක්
හෝ හමු වී නොමැත. නමුත් ඔක්කාක රාජවංශය පිළිබඳ පුරාවිද්යා සාක්ෂි ශ්‍රී ලංකා
භූමියෙන් මේ වන විට සොයා ගෙන ඇත. ඒ අනුව මෙහි සඳහන් කොට ඇති දඹදිව යනු පුරාණ ශ්‍රී
ලංකාව හෝ මෙම භූමියේ කිසියම් ප්‍රදේශයක් බව තේරුම් ගත හැකි ය.
අටවන සාක්ෂිය
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි තුන්වන කාණ්ඩයේ 34 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති පළමුවන පරාක්‍රමබාහු රජුගේ
දෙවනගල ශිලා ලේඛනයෙහි (DEVANAGALA ROCK-INSCRIPTION OF PARAKRAMABAHU I) දඹදිව පිළිඹදව සටහනක් තබා ඇත.
මෙහි ඉංග්‍රීසි පරිවර්තනය පහත දැක්වේ.
එහි සඳහන් වන්නේ පළමුවන පරාක්‍රමබාහු රජතුමා පැවත එන්නේ දඹදිව
පැවත ආ අනිකුත් ක්ෂත්‍රීය කුලයන්ට වඩා උසස් වූ ඔක්කාක කුලයෙන් බවයි. පුරාවිද්‍යා
මූලාශ්‍ර සහ සාහිත්‍ය මූලාශ්‍ර වලට අනුව නිශ්ශංකමල්ල රජතුමා උපත ලබා ඇත්තේ පුරාණ
ශ්‍රී ලංකාවේ වන අතර මෙරට පැවත ආ රජ පෙළපතකට අයත් වේ. දැනට පවතින පුරාවිද්‍යා සාධක සහ
මූලාශ්‍ර වලට අනුව පළමුවන පරාක්‍රමබාහු රජු ඉන්දියාවේ කිසිදු රාජ පරම්රාවක් සමග
මෙවැනි සැසඳීමක් සිදු කොට නොමැත. ඔක්කාක යනුවෙන් රාජ පරම්පරාවක් ඉන්දියාවේ තිබුණු
බවට මෙතෙක් කිසිදු පිලිගත හැකි මූලාශ්‍රයක් හෝ හමු වී නොමැත. නමුත් ඔක්කාක රාජවංශය
පිළිබඳ පුරාවිද්යා සාක්ෂි ශ්‍රී ලංකා භූමියෙන් මේ වන විට සොයා ගෙන ඇත. ඒ අනුව මෙහි සඳහන් කොට ඇති දඹදිව යනු පුරාණ ශ්‍රී
ලංකා භූමියේ කිසියම් ප්‍රදේශයක් බව තේරුම් ගත හැකි ය.
No comments:
Post a Comment