මහා
සම්මත රජුගෙන් ආරම්භ වු රාජවංශය
දඹදිව පාලන
කටයුතු මෙහෙයවා ඇත්තේ දේව ජන කොටසට අයත් මහා සම්මත නම් රජුගෙන් ආරම්භ වූ රාජ
පරම්පරාවකිනි.
සිංහල
පරිවර්තනය
:
“………….මහා මුනි
නම්
වූ
සර්වඥතෙම
මහා
සම්මත
රජහුගේ
වංශයෙහි
උපන්,
කල්පාරම්භයෙහි
මහා
සම්මත
නම්
නරේන්ද්රයෙක්
වූයේය.
රොජය,
වරරොජ
ය,
එසේම
කල්යාණ නම් ඇත්තාවූ ( කල්යාණය
වරකල්යාණය
යන)
දේ
දෙදෙනෙක,
උපොසථය,
මන්ධාතුය,
චරය
උපචරය
යන
දෙදෙනෙක,
චේතිය
ය,
මුවලය,
මහා
මුවල
නැමැත්තේය,
මුචලින්ද,
සගරය,
සාගර
දේව
නැමැත්තේය,
භරතය,
භාගිරථය,
රුචිය,
සුරුචි
ය,
ප්රතාපය, මහා ප්රතාපය, එසේම
පනද
නම්
වූ
( පණාදය,
මහා
ප
ණාද
ය
යන)
දෙදෙනෙක,
එසේම
සුදර්ශනෙරු
නැමැත්තා
වූ
( සුදර්ශණ
ය,
මහා
සුදර්ශන
ය,
නෙරුය,
මහා
නෙරුය
යන)
පශ්චිම
වූ
දෙදෙන
දෙදෙන
යැයි
මහා
සම්මත
රජුහුගේ
දරු
මුනුබුරු
රජදරුවෝ
වූහ,
අසංඛ්යයුෂ්ක
වූ
මේ
අටවිසි
මිහිපල්
හූ
කුසාවතී
ය
රජගහ
ය
මියුළුය
යන
පුරයන්හි
විසූහ.“
මහා සම්මත හෙවත් ජූතින්දර රජතුමා
ත්‍රිපිටකයේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ 157 වන පිටුවේ මෙසේ සඳහන් වේ.
‘‘අථ ඛො තෙ, වාසෙට්ඨ, සත්තා සන්නිපතිංසු,
සන්නිපතිත්වා
අනුත්ථුනිංසු - ‘පාපකා වත භො ධම්මා සත්තෙසු පාතුභූතා,
යත්‍ර හි නාම
අදින්නාදානං පඤ්ඤායිස්සති, ගරහා පඤ්ඤායිස්සති,
මුසාවාදො
පඤ්ඤායිස්සති, දණ්ඩාදානං පඤ්ඤායිස්සති. යංනූන මයං එකං සත්තං සම්මන්නෙය්‍යාම,
යො නො සම්මා
ඛීයිතබ්බං ඛීයෙය්‍ය, සම්මා ගරහිතබ්බං ගරහෙය්‍ය,
සම්මා
පබ්බාජෙතබ්බං පබ්බාජෙය්‍ය. මයං පනස්ස සාලීනං භාගං අනුප්පදස්සාමා’ති.
‘‘අථ ඛො තෙ, වාසෙට්ඨ, සත්තා යො නෙසං සත්තො අභිරූපතරො ච දස්සනීයතරො ච
පාසාදිකතරො ච මහෙසක්ඛතරො ච තං සත්තං උපසඞ්කමිත්වා එතදවොචුං - ‘එහි,
භො සත්ත,
සම්මා ඛීයිතබ්බං
ඛීය, සම්මා ගරහිතබ්බං ගරහ,
සම්මා
පබ්බාජෙතබ්බං පබ්බාජෙහි. මයං පන තෙ සාලීනං භාගං අනුප්පදස්සාමා’ති. ‘එවං,
භො’ති ඛො,
වාසෙට්ඨ,
සො සත්තො තෙසං
සත්තානං පටිස්සුණිත්වා සම්මා ඛීයිතබ්බං ඛීයි,
සම්මා ගරහිතබ්බං
ගරහි, සම්මා පබ්බාජෙතබ්බං පබ්බාජෙසි. තෙ පනස්ස සාලීනං භාගං
අනුප්පදංසු.
‘‘මහාජනසම්මතොති ඛො,
වාසෙට්ඨ,
‘මහාසම්මතො,
මහාසම්මතො’ ත්වෙව
පඨමං අක්ඛරං උපනිබ්බත්තං. ඛෙත්තානං අධිපතීති ඛො,
වාසෙට්ඨ,
‘ඛත්තියො,
ඛත්තියො’ ත්වෙව
දුතියං අක්ඛරං උපනිබ්බත්තං. ධම්මෙන පරෙ රඤ්ජෙතීති ඛො,
වාසෙට්ඨ,
‘රාජා,
රාජා’ ත්වෙව
තතියං අක්ඛරං උපනිබ්බත්තං. ඉති ඛො, වාසෙට්ඨ, එවමෙතස්ස ඛත්තියමණ්ඩලස්ස පොරාණෙන අග්ගඤ්ඤෙන අක්ඛරෙන
අභිනිබ්බත්ති අහොසි තෙසංයෙව සත්තානං, අනඤ්ඤෙසං. සදිසානංයෙව,
නො අසදිසානං.
ධම්මෙනෙව, නො අධම්මෙන. ධම්මො හි,
වාසෙට්ඨ,
සෙට්ඨො ජනෙතස්මිං
දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්ච.
සිංහල
පරිවර්තනය
:
“වාසෙට්ඨය, එවිට
ඒ සත්වයෝ රැස්වූහ. රැස්ව ඔවුනොවුන් (මෙසේ) කථා කළාහුය. “පින්වත්නි, යම්
හේතුවකින් හොරකම් කිරීම පෙනේද, ගර්හා
කිරීම පෙනේද, බොරු කීම පෙනේද, අනුන්ට
හිංසා පිණිස දඬු ගැණීම පෙනේද, එසේ
ඒකාන්තයෙන් සත්වයන් කෙරෙහි පාප කර්මයෝ පහළවූහ. අපි එක්
සත්වයෙකු සම්මත කරගන්නෙමු නම් යෙහෙක හෙතෙම අපට මනාකොට ප්‍රකාශ කටයුත්තක් ප්‍රකාශ කරන්නේය.
ගැරහිය යුත්තහුට හොඳින් ගරහන්නේය. නෙරපිය යුත්තෙකු හොඳින් නෙරපන්නේය. අපි ඔහුට
ඇල්වී කොටසක් (ඒ පිණිස) දෙමු” කියායි.
“වාසෙට්ඨය, එවිට
ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වීද, බොහෝ
ලක්ෂණ වීද බොහෝ පැහැදීම ගෙණ දෙන්නේ වීද, ඉතා
මහත් ආනුභාව ඇත්තේ වීද, ඒ සත්වයා කරා පැමිණ මෙසේ
කීවාහුය, “පින්වත් සත්වය, (මෙහි)
එව හොඳින් ප්‍රකාශකටයුත්ත ප්‍රකාශකරව, ගර්හා
කටයුත්තහුට හොඳින් ගර්හාකරව, නෙරපිය
යුත්තහු හොඳින් නෙරපව, අපි තට ඇල්වීවලින් කොටසක්
දෙන්නෙමුයි” කීවාහුය. වාසෙට්ඨය, පින්වත්නි, එසේයයි
(හොඳයකියා) ඒ සත්ව තෙම ඒ සත්වයන්ට උත්තරදී ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කෙළේය.
ගැරහිය යුත්තහුට හොඳින් ගැරහුයේය. නෙරපිය යුත්තහු හොඳින් නෙරපුයේය. ඔහුතුමූ ඒ
සත්වයාට ඇල්වීවලින් කොටසක් දුන්නාහුය.
“වාසෙට්ඨය, එසේ
මහජනයා විසින් සම්මත කරණ ලද්දේය යන අර්ථයෙන් මහාසම්මතය, මහාසම්මතයයි කියා පළමුවන නාම (ව්‍යවහාර)ය ඇතිවිය වාසෙට්ඨය, ක්ෂෙත්‍රයන්ට (ඉඩම්වලට) අධිපතිය යන අර්ථයෙන් ක්ෂත්‍රියය
ක්ෂත්‍රිය යයි
කියා දෙවන නාම (ව්‍යවහාර)ය විය. වාසෙට්ඨය, ධර්මයෙන් අන්‍ය සත්වයන් පිණවයි යන අර්ථයෙන් රජය, රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ
අග්‍රයයි දන්නා ලද්දාවූ ලොකොත්පත්ති වංශ කථාවෙන් මේ ක්ෂත්‍රිය සමූහයාගේ පහළවීම
වූයේය, ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ.
සමානවූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි.
අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධ මේ
ලෝකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රේෂ්ඨය.
ඒ අනුව ආභස්සරින්
පැමිණි
පිරිස තෘෂ්ණාවෙන්
වැඩි
වී අනුන් සතු
දේ
සොරකම්
කිරීමට
පටන්
ගන්නා
විට
ඒවා
නැවැත්වීම
සඳහා
සියලු
දෙනාගේ
සම්මතයෙන්
පත් කරගත්
පාලකයා ‘මහා
සම්මත’ රජු ලෙස හැඳින්වූ බවත්
එතුමා
මෙම ධරණි තලයේ පහළ
වූ
මුල්ම
රජතුමා
බවත්
සැලකීමට
හැකිය.
කර්තෘ සටහන්
ඉහත සඳහනට අනුව, ක්ෂත්‍රීය වංශය බිහිවූයේ
ක්ෂේත්‍රයන් හෙවත් භූමියට අධිපති යන අර්ථයෙන් බවත් රජ යනුවෙන් අදහස් කරන්නේ
ධර්මයෙන් කටයුතු කරන්නා යන අර්ථය බවත් වැටහේ.
සිංහල දීපවංශයේ තුන්වන පරිච්ඡේදය පනස් එක් වැනි පිටුවේ ඒ සම්බන්ධව මෙසේ සඳහන් වේ.
මහාවංශය ග්‍රන්ථයේද, මේ පිළිබඳව සටහන් වන්නේ කල්පය ආරම්භයෙහි සිටි රජතුමා මහා
සම්මත නම් වූ බවයි.
මේ සම්බන්ධව මහාවංශයේ
දෙවැනි
පරිච්ඡේදයේ
හය
වැනි
පිටුවේ
මෙසේ
දැක්වේ.
මෙහි සඳහනට අනුව මහා සම්මත රජු යනු ගොතම බුදුන් ගේ පෙර බෝධිසත්ව ආත්ම භවයක් යැයි වැටහේ.
තවද, කෝලම් සම්ප්‍රදායට අයත් මහා සම්මත රජු යනු පෙරුම් පුරන බෝධිසත්වයෙක් බව ‘සාම්ප්‍රදායික සිංහල වෙස්මුහුණු’ නම් කෘතියේ සඳහන් වේ යැයි මේ පිළිබඳව අධ්‍යයනයක යෙදුණු මහනුවර මහේෂි පැනෑටිගල මහත්මිය සදහන් කරයි.
එමඟින්
ද,
මේ
මහා
සම්මත
රජු
යනු
ගොතම
බුදුන්
ගේ
ම
බෝධිසත්ව
ආත්මය
බව
තහවුරු
වේ.
ඉහත සඳහන් විස්තරය සම්පාදනය කරගැනීම සඳහා භාවිතා කළ වෙබ්
පිටුව බැලීමට අවශ්ය නම් පහත සඳහන් සම්බන්ධකය (LINK) භාවිතා කළ හැක.
පෘථිවියේ ජනාවාස ආරම්භකල
මුල්ම ජාතිය හිටියෙ මේ හෙළ
බිමෙයි - යථාර්ථ │Yathartha│ (youtube.com)
රාජාවලිය ග්‍රන්ථයේද, බඹ උපතෙන් පසු බිහිවූ රජතුමා
ගේ
නම
මහා
සම්මත බව සඳහන් වේ.
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි සිව්වන කාණ්ඩයේ 01 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති සංඝමු විහාර සන්නසෙහි මෙසේ සඳහන් වේ.
එහි ඉංග්‍රීසි
පරිවර්තනය පහත පරිදි දැක්වේ.
ඒ අනුව පෙනීයන්නේ පොලොන්නරු යුගයේ පාලකයන් වූ මහා පරාක්‍රමබාහු
රජතුමා සහ දෙවන ගජබාහු රජතුමා පැවත එන්නේ මහා සම්මත රාජවංශයෙන් බවයි. මහා පරාක්‍රමබාහු
රජතුමා සහ දෙවන ගජබාහු රජතුමා යනු ශ්‍රී ලාංකික රජ පෙලපත් වලින් පැවත එන්නන් ලෙස
මූලාශ්‍ර වල සඳහන් වන හෙයින් මහා සම්මත රජතුමා පුරාණ ශ්‍රී ලංකා භූමියේ පාලකයෙකු
විය යුතු බව වැටහේ.
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි සිව්වන කාණ්ඩයේ 02 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති THE GADALADENIYA INSCRIPTION OF SENASAMMATA VIKRAMA
BAHU ලෙස නම් කොට ඇති ශිලා ලිපියෙහි මෙසේ සඳහන් වේ.
එහි ඉංග්‍රීසි පරිවර්තනය පහත පරිදි දැක්වේ.
ඒ අනුව පෙනීයන්නේ මහනුවර රාජධානියේ ආරම්භක රජු ලෙස සැලකෙන සේනාසම්මත වික්‍රමබාහු රජතුමා පැවත එන්නේ මහා සම්මත රාජවංශයෙන් බවයි. සේනාසම්මත වික්‍රමබාහු රජතුමා යනු ශ්‍රී ලාංකික රජ පෙලපතකින් පැවත එන්නෙකු ලෙස මූලාශ්‍ර වල සඳහන් වන හෙයින් මහා සම්මත රජතුමා පුරාණ ශ්‍රී ලංකා භූමියේ පාලකයෙකු විය යුතු බව වැටහේ.
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි තුන්වන කාණ්ඩයේ 03 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති හයවන පරාක්‍රමබාහු රජතුමාගේ ඔරුවල තඹ සන්නසෙහි මෙසේ සඳහන් වේ.
එහි ඉංග්‍රීසි පරිවර්තනය පහත පරිදි දැක්වේ.
ඒ අනුව පෙනීයන්නේ කෝට්ටේ යුගයේ පාලකයෙකු වූ හයවන පරාක්‍රමබාහු රජතුමා පැවත එන්නේ මහා සම්මත මනු රාජවංශයෙන් බවයි. හයවන පරාක්‍රමබාහු රජතුමා යනු ශ්‍රී ලාංකික රජ පෙලපතකින් පැවත එන්නෙකු ලෙස මූලාශ්‍ර වල සඳහන් වන හෙයින් මහා සම්මත මනු රජතුමා පුරාණ ශ්‍රී ලංකා භූමියේ පාලකයෙකු විය යුතු බව සනාථ වේ.
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි තුන්වන කාණ්ඩයේ 25 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති හත්වන බුවනෙකබාහු රජතුමාගේ පල්කුඹුර සන්නසෙහි මෙසේ සඳහන් වේ.
එහි ඉංග්‍රීසි
පරිවර්තනය පහත පරිදි දැක්වේ.
ඒ අනුව පෙනීයන්නේ කෝට්ටේ යුගයේ පාලකයෙකු වූ හත්වන බුවනෙකබාහු රජතුමා පැවත එන්නේ මහා සම්මත මනු රාජවංශයෙන් බවයි. හත්වන බුවනෙකබාහු රජතුමා යනු ශ්‍රී ලාංකික රජ පෙලපතකින් පැවත එන්නෙකු ලෙස මූලාශ්‍ර වල සඳහන් වන හෙයින් මහා සම්මත මනු රජතුමා පුරාණ ශ්‍රී ලංකා භූමියේ පාලකයෙකු විය යුතු බව නැවතත් සනාථ වේ.
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි සිව්වන කාණ්ඩයේ 03 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති ගඩලාදෙනිය ස්ථම්භ-පුවරු ලිපියෙහි (GADALADENIYA
SLAB-PILLAR INSCRIPTION) මෙසේ සඳහන් වේ.
එහි ඉංග්‍රීසි
පරිවර්තනය පහත පරිදි දැක්වේ.
ඒ අනුව පෙනීයන්නේ කෝට්ටේ යුගයේ පාලකයෙකු වූ ජයවීර පරාක්‍රමබාහු
රජතුමා පැවත එන්නේ මහා සම්මත රාජවංශයෙන් බවයි. ජයවීර පරාක්‍රමබාහු රජතුමා යනු ශ්‍රී
ලාංකික රජ පෙලපතකින් පැවත එන්නෙකු ලෙස මූලාශ්‍ර වල සඳහන් වන හෙයින් මහා සම්මත මනු
රජතුමා පුරාණ ශ්‍රී ලංකා භූමියේ පාලකයෙකු විය යුතු බව නැවතත් සනාථ වේ.
මහා සම්මත මනු රජුගේ රාජාභිෂේකය සූදානම් කර ඇත්තේ සූර්යයා ගේ ශක්තිය උපරිම වන අවස්ථාව මූලික කරගෙන යැයි අරිසෙන් අහුබුදු ශූරීන් ගේ “ඉර හඳ නැගි රට (යටගිය වංශය)” නම් කෘතියේ සඳහන් වේ. එම දිනයේ, මහා සම්මත මනු රජු අභිෂේක ලැබූ නිසා එය මහා මංගල්ලයක් ලෙස සෑම අවුරුද්දකදීම සලකන්න හේතු වී ඇති බවද එහි සඳහන් වේ. අප සමරන මෙම සිංහල අලුත් අවුරුද්ද මහා සම්මත මනු රජුගේ රාජාභිෂේකය මූලික කරගෙන පැවැත්වූ උත්සවය කාලානුරූපීව වෙනස් වී ඇති වූ උත්සවයක් ලෙස එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ සම්බන්ධව වූ විස්තරයක් අරිසෙන් අහුබුදු ශූරීන් ගේ “ඉර හඳ නැගි රට (යටගිය වංශය)” නම් කෘතියේ මෙසේ දැක්වේ.
එකල මේ දීපය හඳුන්වා තිබෙන්නේ
‘නායක
මනුගේ
දූපත’
යන
අදහස
ඇති
‘සිමංඩු’
යන නාමයෙන් බව සඳහන් වේ. ‘පරසිදු මනු රජුගේ දූපත’ යන තේරුම ඇති ‘පලේ සිමංඩු’ යන
නාමය
ද
හෙළදිව
සඳහා
භාවිතා
කොට
තිබේ.














No comments:
Post a Comment